නිරෝගී සිරුරක් සඳහා ව්‍යායාම් අතවශ්‍ය සාධකයක් බව අද සියලු දෙනාම දන්න දෙයක්.රට පුරා ඇති ව්‍යායාම් මධ්‍යස්ථාන සහ ඇවිදින මංතීරු මේ සඳහා හොඳම සාක්ෂි සපයනවා.ඒත් මේ ව්‍යායාම් කරන සියලු දෙනා ඒවා කරන්නේ අවබෝධයකින්ද යන්න පිලිබඳ ගැටළු පවතිනවා. අන්‍යයන් කරන නිසාවෙන් නොව ව්‍යායාම් කිරීමේ අරමුණු තමා තේරුම් ගෙන ඒ අනුව තමාට සුදුසු ව්‍යායාම තෝරාගෙන අවබෝධයෙන් යුතුව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්.
ව්‍යායාම මධ්‍යස්ථානයකදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ විවිධ උපකරණ භාවිතා කිරීමෙන් සිරුරට ව්‍යායාම ලබාදීම වනවා.ඒවා ස්වායු ව්‍යායාම් නම් වෙනවා.එමඟින් හදවත හා පෙණහළු නිරෝගීව තබා ගැනීම සඳහා රුධිර ගමනාගමනය වැඩිවීමෙන් ප්‍රතිඵල ලබාදෙයි.එම ස්ථානවල සිදුකරන ව්‍යායාම් මඟින්.
ව්‍යායාම් කිරීමේදී මනා සැලසුමකින් යුතුව කාලය යොදාගෙන තම අරමුණ ඉටුවන තෙක් එහි යෙදිය යුතු වනවා.ඒ නිසා බලාපොරොත්තු සහගතව ප්‍රබෝධයෙන් ව්‍යායාම් කිරීමෙන් සාර්ථකව ඉලක්කය කරා ලඟා විය හැකි බවත් අමතක කරන්න එපා.
– චම්මි –
Saru FM Media