දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක්

0
1

පසුගිය පැය 24 තුළ දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රවේශ වලට ඇද හැලෙමින් පවතින සැලකිය යුතු වර්ෂා තත්ත්වය හා දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු මගින් මේ වන විටත් තත්පරයට ඝණ අඩි 18,600 ක් තරම් සීග්‍රතාවයකින් දැදුරු ඔයට ජලය මුදා හරිමින් පවතින බව දැනුම් දී ඇත.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2 ක් අඩි 6 බැගින් සහ දොරටු 4 ක් අඩි 4 බැගින් විවෘත කර ඇත. 

එම තත්ත්වය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙ ඩලමාලකවල කියවීම් අනුව දැදුරු ඔය ද්‍රෝණියේ පිහිටි වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් දැදුරු ඔය ද්‍රෝණියේ පහළ නිම්නයේ ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවනු ලැබේ.

මගේ අංක DI/Hydro/103(V) හා 2025.11.23 දින පෙ.ව. 6.30ට දැදුරු ඔය ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර ඇඟවීමේ නිවේදන අංක 01න් කළ අනතුරු ඇඟවීම ඉදිරි පැය 48 සඳහා ද දීර්ඝ කරනු ලැබේ.

මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රවේශ මාර්ග හරහා ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටියි.

තවද මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනා කරණ අංශ වලින් ඉල්ලා සිටිනු ලැබේ.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here