දැඩි දේශපාලන අර්බුදයක් මැද්දේ බංගලාදේශ මහ මැතිවරණය අද

0
12

දැඩි දේශපාලන අර්බුදයකට මුහුණ පා සිටින බංගලාදේශයට නව රජයක් තෝරාගැනීම සඳහා වන මහ මැතිවරණය අද (12) පැවැත් වේ.

පැවති ෂෙයික් හසීනා රජය පෙරළාදැමූ 2024 ශිෂ්‍ය අරගලයෙන් අනතුරුව පැවැත්වෙන පළමු මහ මැතිවරණයට බංග්ලාදේශය අද මුහුණදෙමින් සිටියි.

මෙවර මැතිවරණ සටනේ පෙරමුණේ පසුවන්නේ අවස්ථා කිහිපයකදී රට පාලනය කර ඇති බංග්ලාදේශ ජාතික පක්ෂය (BNP) සහ ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ ද සහාය හිමි ජමාත් ඊ ඉස්ලාමි නම් ඉස්ලාම් පක්ෂයයි.

අපකීර්තියට පත් හසීනාගේ අවාමි ලීගයට මෙවර මැතිවරණය තහනම් කර තිබේ.

මහ මැතිවරණයට සමගාමීව පවතින ව්‍යවස්ථාව වෙනස් කළ යුතු ද නැද්ද යන්න විමසීම සඳහා වන ජනමත විචාරණයක් ද පැවැත් වේ.

සාමකාමී ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කිරීමට හසීනා රජය ගත් පියවර හේතුවෙන් එහිදී විරෝධතාකරුවන් 1,400 දෙනෙක් පමණ මරුමුවට පත්වූ අතර ජනතාව වඩාත් ප්‍රචණ්ඩකාරී විරෝධතාවල නිරතවෙමින් රජය පෙරළා දැමුවේ ඉන් අනතුරුවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here