කාන්තා අප ලස්සනට අඳින්න කැමති.ඒ නිසාම ඔෆිස් යන්න,පාර්ටි වලට යන්න වගේම රාත්‍රියට අදින ඇඳුම් පවා අපි බොහොම උවමනාවකින් ශොපින් කරනවා. නමුත් ඔබ ඒ කුමන ඇඳුම් ඇන්දත් ඔබේ සුන්දරත්වය නිසි ලෙස පෙනෙන්නට නම් ඔබේ යට ඇඳුම් ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්.මොකද සිරුරේ හැඩය නිසි ලෙස මතු කරල ආකර්ෂණීය බව ලබා දෙන්න යට ඇඳුම් ඉතාම වැදගත්.
මේ නිසා අපි අද කතා කරන්නේ ඔබ අඳින යට කලිසම් නැතිනම් panties නිවැරැදිව තෝරා ගන්නේ කොහොමද කියලා.
ඇත්තටම ඔබ කවදාවත් panties ගන්න කියලම ශොපින් කරලා තියේද?
අපි ඒ ඒ අවස්ථාවට ගැලපෙන්න ඇඳුම් පැළඳුම් ගලපනවා නේද? ඒ වගේම යට ඇඳුමත් ගලපාගත්තොත් ඔබට තවත් සුව පහසුවෙන් ඒ අවස්ථාව ගත කරන්න පුලුවන්. ඒ වගේ ප්‍රධාන අවස්ථා හතරක් අපි මේ ලිපියේ විස්තර කරලා තියනවා.
ඒ කියන්නේ ඔබ රැකියාවට,වෙළඳ පලට,නිවසේ සිටින විට ඔබට ගැලපෙන panties තෝරන ක්‍රමයයි අපි මේ කතා කරන්නේ.
දිගු වේලාවක් ඇඳ සිටින බැවින් ඇඟට පහසු වීමත්, හොඳින් වායු හුවමාරුව සිදුවන ස්වභාවික තන්තු වලින් නිමවූ රෙදි වලින් ( කපු, සිල්ක්) මසා නිමකල panties තමයි මේ අවස්ථාවට ගැලපෙන්නේ.
ව්‍යායාම වලදී හොද ඇදෙන සුලු බවක් සහ ශරීරයේ නම්‍යශීලී බවට සහය දෙන panties අවශ්‍ය වේ. බොහෝවිට මේවා සම්පූර්ණ කපු රෙදි වලින් නොව කපු හා ස්පැන්ඩෙක්ස් (ඇදෙන සුලු මාධ්‍ය) මිශ්‍ර රෙදි වලින් නිපදවයි.දහඩිය උරා ගැනීම අඩු හෙයින් ඉක්මනින් මාරු කල යුතු අතර දිගු වේලාවක් ඇඳ සිටීම අපහසුය.
මේ කියන්නේ ඔබේ ජීවිතයේ එදිනෙදා ඇඳුමට වඩා වෙනසක් ඇතිව කැපී පෙනෙන්න හැඩ වැඩ වෙන අවස්ථාවන් ය. උදාහරණ ලෙස ගත්තොත් party dress එකක් අඳින වෙලාවක්, ඇඟේ හැඩට හොඳින් ඉස්මතු වන pencil skirt එකක් කාර්යාලයට අඳින වෙලාවක් වෙන්න පුලුවන්.මේ වගේ ඇඳුමක් තුලින් යට ඇඳුමේ දාර පිටතට පේන්න තිබෙන අවස්ථාව වැඩි නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා වඩාත් වර්ණවත් කරගැනීම සඳහාම නිමවූ panties වෙළඳපොලේ දකින්න ලැබෙනවා. ලේස්, බෝ, stones, sequence වලින් හැඩ කරන ලද මේවා සාමාන්‍ය මිළට මෙන්ම ඉතා ඉහල මිළටත් වෙළඳ පොලේ තියනවා.විවාහ සංවත්සරය සමරන ඔබත් ,මදුසමයට යන්න ඉන්න ඔබත් මේ වර්ගයේ යට ඇඳුම් කීපයක් ඔබේ ගමන් මල්ලට එකතු කරගන්න අමතක කරන්න එපා.ඒ අයට විතරක් නෙවෙයි ජීවිතේ රස විඳින්න කැමති කවුරුත් සරාගී පෙනුම දෙන panties කීපයක් අයිති කරගන්නම ඕනෙ.මොකද ඒවායින් ලැබෙන පෙනුම වෙන කිසිම දේකින් නොලැබෙන නිසා.
ඉහත කතා කරපු අවස්ථාවලට ගැලපෙන panties වර්ග ගැන තමයි මේ කියන්න හදන්නේ.
වඩාත් ප්‍රසිද්ධ සහ සුව පහසු panties වර්ගය වන මේවා එදිනෙදා භාවිතයට වඩාත් උචිත ලෙස ඉදිරිපස සහ පසුපස හොඳින් ආවරණය වන ලෙස නිමවා තිබෙනවා.
වඩාත් සුදුසු – රැලි සහිත සායවල්, ජීන්ස් සඳහා
නුසුදුසු – ඇඟට ඇලුනු ඇඳුම් සඳහා ( යට ඇඳුමේ දාර ඇඳුම තුලින් පෙනීමට හැකි නිසා )
පිරිමින්ගේ යට ඇඳුම් වලට ආවේණික හතරැස් හැඩයක් ඇති මේවා අනෙක් සියලුම panties වඩා කකුල් ආවරණය කරයි .
වඩාත් සුදුසු – වඩාත් දිග ඇඳුම් අඳින විට සහ ලිහිල් සායවල් (flared skirt) අදින විට වඩාත් සුදුසුය.මෙවැනි boy shorts මගින් හදිස්සියේ ඔබගේ සාය එහෙ මෙහේ වී ඔබ අපහසුතාවයට පත්වීම වලකයි.
අඩු උසක් සහිතව නිමවා ඇති නිසා ඉණ රේඛාවට වඩාත් පහලින් පිහිටන ලෙසද පාදය සදහා වන විවරය එතරම් විශාල නොවන ලෙසද නිමවා ඇති මෙම වර්ගය ඕනෑම ඇඳුමක් සමග පහසුවෙන් ගලපා ගත හැකි නිසා ඔබේ ඇඳුම් එකතුවේ තිබිය යුතුම අංගයක්.
වඩාත් සුදුසු – පෑන්ට්ස්, law waist jeans සඳහා
වඩාත් සරාගී පෙනුමක් ගෙන දෙන පිටුපස සිහින් පටියක් සහිත මෙම panties මගින් ඉතා කුඩා කොටසක් සිරුර ආවරනය කරමින් සරාගී බව ඔප් නංවයි. අලංකාර වර්ණ ,මෝස්තර,ලේස්,පබලු , stones වලින් අලංකාර කරන ලද thong වෙලඳ පොලේ සුලබය.
වඩාත් සුදුසු – pencil skirt, bodycon dress සඳහා
පෙනුමෙන් බොහෝ සරාගී මේ ඇඳුම Thong එකට බොහෝ සෙයින් සමාන නමුත් ඊටත් වඩා අඩු ආවරණයක් සහිතව අලංකාර ලෙස නිමවා ඇත.
වඩාත් සුදුසු – ලෙගින්, bodycon dress සඳහා
නාන ඇඳුමක යට කොටසට බොහෝ සෙයින් සමාන මෙම panties වර්ගයද වඩාත් ප්‍රසිද්ධ panties වර්ගයකි. Brief එකට බොහෝ සෙයින් සමාන වුවත් වඩාත් අඩු ඉදිරිපස උසක් සහ කකුල් ප්‍රදේශය වඩා විශාලව නිමවා ඇත.එදිනෙදා ගමනට මෙන්ම ව්‍යායාම කටයුතු සඳහා ද පහසුවෙන් ඇඳිය හැක.
වඩාත් සුදුසු – jeans, mini skirt, sports wear සඳහා
අනිවාර්යයෙන් කාන්තා අප සතුව තිබිය යුතුම panty වර්ගයකි. දියුණු තාක්ශණයෙන් යුතු නිමවා ඇති නිසා ඇඳුම අතරින් වායු හුවමාරුව,හොඳින් ඇදෙන සුලු වීම, ඇඟේ හැඩය හොඳින් ඉස්මතු කිරීම, සුමුදු නිමාවකින් යුතු වීම වැනි ගුණාංග වලින් පොහොසත්ය.දෙපස හෝ ඉණ අසල මැහුම් නොමැති නිසා ඇඳුම් අතරින් යට ඇඳුම්වල දාර මතු වී පෙනීමෙන් අපහසුතාවයට පත් වීම වලකාලයි.ඔබ සතු ඕනෑම ඇඳුමක් සමඟ ඇඳිය හැක.
වඩාත් සුදුසු – pants , sheer dress සඳහා
ගැබිනි කාලයේදී ඉදිරියට එන කුස සහ අපහසුතාත් සමග ඔබ මෙතෙක් ඇඳපු හැඩකාර panties වලට පොඩි නිවාඩුවක් දෙන්න වෙනවා.මේ කාලයටම විශේෂයෙන් නිමවූ උදර මාංශපේශි වලට හොඳින් ආධාර කරන,වායු හුවමාරු කරන ( breathable), සිනිඳු නිමාවකින් යුතු panties අවශ්‍ය වෙන්නේ ඔබ සතුටින් සිටිය යුතුම නිසායි.
ස්වාභාවික කෙඳි වර්ග අපේ සම සඳහා හොඳම තේරීම වේ.මෙහිදී අපට මතක් වන නම කපු උනත් සිල්ක් කියන්නෙත් ස්වභාවික තන්තු වර්ගයක් කියලා අමතක කරන්න එපා.කපු වලට වඩා සිල්ක් මිලෙන් ඉතා වැඩි උනත් සුව පහසුවත්,පෙනුමත් ඒ වගේම වැඩියි.ඇදෙන සුලු බව වැඩි දියුනු කර ඇති යට ඇඳුම් වල ස්පැන්ඩෙක්ස් වැනි දේ අන්තර්ගතය.කෙසේ වෙතත් කපු ප්‍රතිශතය වැඩි යට ඇඳුම් දවස පුරා ඇඳ සිටීම පහසුය.එමනිසා එදිනෙදා පාවිච්චියට කපු වලින් කල panties වඩාත් ගැලපේ.සේදීමේදී සහ වේලීමේදී විශේෂ අවදානයක් දුන්නොත් මේවා හොඳ තත්වයෙන් දිගු කාලයක් තබා ගත හැක.
ඔබට ටේප් එකක් ආධාරයෙන් ඔබේ උකුල සහ ඉන ප්‍රදේශය මැන බැලීමේ size එක තීරණය කරන්න පුලුවන් ඒකට ඇඳලා බලන්නම ඕනි නෑ.
අවසානයට නිමි ඇදුම් ක්ෂේත්‍රයේ ගැවසෙන කෙනෙක් විදිහට ඔබට පුංචි රහසක් කියන්නම්, ඔබ panties මිලදී ගන්නා වෙළඳසැලේ නැවත ඒවා මාරු කරනවා නම් හෝ ඇඳ බලන්න දෙනවානම් කිසිම විටෙක එවැනි ස්ථානයකින් යට ඇඳුම් මිලදී ගන්න එපා. ඔබ වැනිම තවත් පාරිභෝගිකයෙකු ඇඳ බලන ලද හෝ මාරුකරන ලද යට ඇඳුමක් ඇඳීම පුද්ගල සනීපාරක්ෂාවට උචිත නොවන කාන්තා ඔබ හොඳින් දන්නා කරුණක් නිසා මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.
ඉතින් මේ කරුණු එක්ක අපේ ස්මාර්ට් ලේඩීස්ලා ඊලඟ සාප්පු සවාරියේදී තවත් ස්මාර්ට් තේරීම් වලට යයි කියලා අපි හිතනවා.
Saru FM Media