දාහය නිවන්න කන්න දිය බත්

0
14


ලංකාව වැනි රස්නෙ රටක සිටිනවා නම්  දාහය නිවන කෑම ලබා ගැනීම අනිවාර්යයි. දිය බත් එවැනි ඇඟ සිසිල් කරන ලංකාවටම ආවේණික ආහාරයක්. ඒ වගේම දිය බත් යනු පහසුවෙන් සදා ගත හැකි සමබල, පෝෂ්‍ය දායක උදෑසන ආහාරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • උයා ඉතිරි උන බත් ටිකක්
  • පොල් කිරි
  • වියළි මිරිස් කරල් 5
  • රතු ළූණු ගෙඩි 5
  • සුදු ළූණු බික් 1
  • දෙහි යුෂ
  • ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය පමණට

සාදන අයුරු:

රාත්‍රියේ දී බත් භාජනයකට දමා එයට ජලය එකතු කර පෙ‍ඟෙන්නට හරින්න. පසු දින උදෑසන ජල‍යේ පෙඟුන බත් මිරිකා ජලය ඉවත් කරගන්න. බත් පෙරා ගත් වතුර බීමට ගත හැකිය.

බත් ටික නෑඹිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කරගන්න. පොල් කිරි වලට ලියාගත් සුදු ළූණු, රතු ළූණු, පුළුස්සා ගත් වියළි මිරිස් හෝ අමු මිරිස්, දෙහි යුෂ සහ  රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කර ගන්න. අවසානයට මෙම මිශ්‍රණයට බත් ටික එකතු කර ගන්නග මෙය කිතුල් හකුරු සමඟත් ආහාරයට ගත හැකියි.

දාහය නිවන දිය බත්, තොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවක් වන අතර ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගී තත්ත්වයටත් ඉතාමත් ගුණදායකයි. වියදම අඩු, සෑදීමට ඉතාමත් පහසු දිය බත් අනිවාර්යයෙන්ම හදල බලන්න.

– කල්හාරී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here