ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

0
8

ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට කරණ්දෙනිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ කොටවිල ප්‍රදේශයේදීය.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොටවිල,කරණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු පසුගිය 11 වනදා කරණ්දෙනිය පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී කාන්තාවකට හා පිරිමි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධ බව පොලීසිය පවසයි. 

කරණ්දෙනිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here