දළඳා දැක්ම වෙනුවෙන් සියලු කටයුතු සූදානම්!

0
12


කොළඹ LNW:ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කොට මෙම මස 18 වන දින සිට දින දහයක කාලයක් තිස්සේ පැවැත්වෙන දළදා දැක්ම සඳහා මේ වන විට සියලු කටයුතු සම්පාදනය වෙමින් පවතී.

ලක්ෂ 20ක පමණ සැදැහැවතුන් පිරිසක් මහනුවරට එතැයි අපේක්ෂා කරන අතර ඔවුන් දළඳා වන්දනාව වෙනුවෙන් රැදී සිටින මාර්ග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇත.

එහිදී ජනමාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමක් ශ්‍රී දළඳා මාලිගාවේ රන් ආයුධ මණ්ඩපයේදී පැවැත්විණි. ඒ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා සහ ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාංශයේ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත හිස්සැල්ල මහතාගේ සහභාගීත්වයෙන්.

ශ්‍රී දළඳා මාලිගාවේ මාධ්‍ය කාර්යංශය සහ ජාතික රූපවාහිනිය දළඳා දැක්මේ සමාරම්භක අවස්ථාව සජීවී විකාශයක් සිදු කරන අතර පළමු දිනයේදී ජනාධිපතිවරයා සහ විදේශීය දූත පිරිස් දළඳා වන්දනාවට එක්වීමට නියමිතයි.

දින 10ක් පුරා පැවැත්වෙන දළදා දැක්ම වෙනුවෙන් මහනුවරට පැමිණෙන සැදැහැවතුන් සඳහා රාත්‍රී කාලයේදී මහනුවර රජ වීදියේ දන්සැල් සංවිධාන කොට තිබේ. රාත්‍රී කාලයේදී ආරම්භ කරන එම දන්සැල් පසුදින අලුයම 02.00 වන තුරු ක්‍රියාත්මක වන අතර එහි සිට ආහාර අනුභව කිරීම සැලසුම් කොට තිබේ.

දළදා දැක්ම වෙනුවෙන් එක්වන සැදැහැවතුන් ගමන් ගන්නා මාර්ගය වෙන් කොට ආරක්ෂිත මාර්ගයක් වශයෙන් සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදුවේ. දළඳා වීදිය, රතු බෝක්කුව සිට වැව රවුම් මාර්ගය සහ මහයියාව දෙස සිට මාර්ග තුනක් ඔස්සේ පැමිණෙන සැදැහැවතුන් පේලි තුනක් ඔස්සේ දළදා මාලිගාව කරා ප්‍රවේශ කර ගැනීමේ කටයුතු සිදුවේ.

දළදා වහන්සේ වැඩ හිටුවා ඇති ස්ථානය අභීයසින් පේළි තුනක් ඔස්සේ කැඳවා ගෙන තත්ත්පයරකට තිදෙනෙකුට දළදා වැදීමට හැකි වන පරිදි සංවිධාන කටයුතු සලසා තිබේ.

දළද දැක්මේ පූර්ණ සංවිධාන කටයුතු වෙනුවෙන් පැවැති මෙම හමුවෙන් අනතුරුව දළඳා දැක්මේ ප්‍රවේශ මාර්ග නිරීක්ෂණය කිරීම ද මෙම පිරිසගේ සහභාගීත්වයෙන් සිදුවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here