දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවීම ජනතාවට ලැබුණු භාග්‍යවන්ත අවස්ථාවක් – අගමැතිනිය

0
12


ජන මතයට මූලිකත්වය දෙමින් නව පුනරුදයක ඇරඹුම සිදුවන 2025 වසරේදීම උතුම් වු දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට හැකිවීම ජනතාවට මෙන්ම රජයට ද ලැබුණු භාග්‍යවන්ත අවස්ථාවක් බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.

සිරි දළදා වන්දනාව වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය තවදුරටත් පවසන්නේ දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට අවස්ථාව ලැබීම බෞද්ධ , අබෞද්ධ සියලු රට වැසියන් ලැබු සුවිශේෂි පුණ්‍යවන්ත අවස්ථාවක් බවයි.

ථේරවාදී බෞද්ධයන්ගේ අනන්‍යතාව ලෝකයටම රැගෙන යන සුවිශේෂි ජාතික උරුමයක් වන දළදා වහන්සේ මෙරට බෞද්ධ ජනාවගේ මුදුන් මල්කඩ වූවා පමණක් නොව සමස්ත ලෝ වැසියන්ගේ ඉමහත් ගෞරව පුදසත්කාර ලබන්නා වු පූජනීය වස්තුවක් බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කරනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here