දළදා වන්දනාව පැවැත්වෙන කාල වකවානුවේ මහනුවරට දැඩි ආරක්ෂාවක්

0
12


සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වකවානු තුළ මහනුවර ප්‍රදේශයේ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් අද (06) දිනයේ බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව දැනුම් දී තිබෙනවා.

දළදා වන්දනාවට අදාළ ආරක්ෂක කටයුතු මෙන්ම යටිතල පහසුකම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් මේ වනවිට පවත්වා තිබෙන බවත්, පොලීසියට අමරතරව පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂ කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම පොලිස් නිලධාරීන් 10,000ක පමණ පිරිසක් දළදා වන්දනා සමයේ මහනුවර නගරය ආශ්‍රිතව සේවයේ යෙදවීමට සැලසුම්කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

දළදා වන්දනාව එළඹෙන 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු සැලසුම්කර ඇත්තේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here