වසර 16කට පසුව පවත්වන සිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර සිට ගමන් කරන බැතිමතුන් වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් සැලසීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අද (18) දින අලුයම 05ට කොළඹ – කොටුව දුම් රිය ස්ථානයෙන් විශේෂ ශීඝ්‍රගාමී දුම් රියක් මහනුවර බලා පිටත් ව යාම ඇරඹූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
දළදා වන්දනාමාන කර ගැනීමට පැමිණෙන බොහොමයක් බැතිමතුන් දුම්රියෙන් ගමන් කිරීමට උනන්දුවක් දක්වන බව දකින්නට ලැබුණා.
ඒ අනුව අද සිට අප්‍රේල් 28 දක්වා අලුයම 05ට කොළඹ – කොටුවෙන් මෙම විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය මහනුවර බලා ධාවනය වනු ඇති.
මීට අමතර ව අද දින සිට 28 තෙක් පෙරවරු 09.30ට සහ හෙට (19) දින අලුයම 02.20ට ද තවත් විශේෂ දුම්රියක් මහනුවර බලා ධාවනය වීමට නියමිතයි.
මීට අමතර ව දළදා වන්දනාමාන කරගැනීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ද මහනුවරට විශේෂ බස් රථ සේවාවක් සපයා තිබෙනවා.
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට විශේෂ ලංගම බස්රථ මහනුවර දක්වා යොදවා ඇති අතර මෙම බස් රථ අප්‍රේල් 29 දක්වා ක්‍රියාත්මකයි.
Saru FM Media