ශ්‍රී දළදා ප්‍රදර්ශනය දැක බලා ගැනීම සඳහා මහනුවරට යන සැදැවතුන් වෙනුවෙන් ලබන 18 වැනිදා සිට විශේෂ ප්‍රවාහන පහසුකම් සපයන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
ලබන 28 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි.
ඒ අනුව දිවයිනේ සෑම ප්‍රධාන නගරයකම සිට මහනුවර දක්වා විශේෂ ලංගම බස් සේවා ක්‍රියාත්මක වනවා.
සිරි දළදා දැක්ම පැවැත්වෙන කාල සීමාවේදී පෞද්ගලික වාහනවල යන පිරිස් දළදා මාළිගාව සමීපයට රැගෙන යාම සඳහා මහනුවර ස්ථාන 4ක සිට වටරවුම් බස් සේවාවක් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.
ලබන 18 වැනිදා පස්වරු 3.30 ට ආරම්භ වන දළදා දැක්ම එදින පස්වරු 5.30 දක්වා පැවැත්වෙනවා.
අනතුරුව 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දහවල් 12.00 සිට පස්වරු 5.30 දක්වා දළදා දැක්ම පැවැත්වීමට නියමිතයි.
Saru FM Media