අඳුරු ළප කැළැල්, කුරුළෑ, වයස්ගත වීම සමඟම ඇතිවෙන රැළි ඉවත් කරගෙන පැහැපත්, නීරෝගී මුහුණක් පවත්වා ගන්න අපි නිරන්තරයෙන් මුහුණට සත්කාර කරනවනේ.
නමුත් ටිකෙන් ටික වයස්ගත වීම නිසා අපේ සමේ තියෙන ප්‍රාණවත් බව ඉවත්වෙලා මාංශපේෂී ලිහිල් වීම අතිශයින්ම ස්වභාවික තත්වයක්. ශරීරයේ අනෙක් තැන් වලට සාපේක්ෂව මේ වෙනස මුහුණෙන් පේනව වැඩියිනෙ.
මේ සඳහාත් විවිධ රූපලාවන්‍ය සත්කාර තියෙනව.
නමුත් මේ ගැටළු වලට ඒ සත්කාර වගේම හරිම වැදගත් තවත් විසඳුමක් අරගෙන තමයි ඔන්න මේ ලිපියෙන් අපි අද ඔබත් එක්ක එකතු වෙන්නෙ.
අපි අද කතා කරන්නෙ මුහුණේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්න වගේම මුහුණේ ඇති අනවශ්‍ය මේදය ඉවත්කර නිසි හැඩය පවත්වා ගන්නත් උදව් වෙන ව්‍යායාම (facial exercises) කීපයක් ගැනයි.
වෙනම සූදානමක් අවශ්‍ය නොවෙන බොහොම පහසු වගේම වැඩි වෙලාවක් ගත නොවෙන මේ ව්‍යායාම සති දෙකක් තුනක් වගේ කරද්දි ඔබේ මුහුණේ ඇතිවෙන වෙනස ඔබටම වටහා ගන්න පුළුවන්.
එහෙනම් අපි බලමු මොනවද මේ ව්‍යායාම කියල ?
මේ ව්‍යායාමය අපේ නළලේ මාංශපේෂී සහ සම ඉලක්ක කරමින් තමයි කරන්නෙ. වයස්ගත වීම සමඟ නළලේ රැළි ඇතිවෙනවනේ. අන්න ඒ රැළි නැති කිරීම තමයි මේ ව්‍යායාමයේ ඉලක්කය වෙන්නෙ.
මේ ව්‍යායාමය කරන්න හරිම පහසුයි.
ඔබ පුදුමයට පත්වෙන වෙලාවට ඔබේ ඇස් විශාල කරල ඇහිබැම ඔසවනවනේ. අන්න ඒ විදිහට සෙමින් ඇස් විශාල කරමින් ඇහිබැමි ඉහළට එසවීමයි කළ යුත්තේ.
ඊළඟට, ඒ වගේම සෙමින් ඇහිබැමි පහළට ගෙනවිත් ඇස් සාමාන්‍ය තත්වයට විවර කරන්න ඕන.
දිනකට වාර 04 ක් 05 ක් මේ ව්‍යායාමය කිරීම ප්‍රමාණවත්.
මේ ව්‍යායාමයේදී අපේ ඇස් වටා ඇති මාංශපේෂී ඉලක්ක කිරීම තමයි සිදුවෙන්නෙ.
මාරුවෙන් මාරුවට එක් ඇසක් විවෘත කරන විට අනෙක් ඇස වසා තබා ගැනීමයි මෙහිදී ඔබ කළ යුත්තේ.
එක් ඇසක් වසා තත්පර 03 ක හෝ 04 ක කාලයක් සිටිය යුතු වෙනවා.
මේ විදිහට එක් ඇසක් වාර 04 ක් හෝ 05 ක් වසා සිටීම ප්‍රමාණවත් වෙනවා.
මේ ව්‍යායාමයේදී ඔබේ කම්මුල් වල තියෙන මාංශපේෂී ඉලක්ක වෙනවා.
මාංශපේෂී එල්ලා වැටීම වළක්වා, අනවශ්‍ය මේදය ඉවත්කර, කම්මුල් දෙකම එකම හැඩයකට පවත්වා ගන්න මේ ව්‍යායාමය ඔබට උදව් වෙනවා.
මේ ව්‍යායාමය කරන්නත් හරිම පහසුයි.
ඔබ චුයින්ගම් එකක් හපනව වගේ එක් කම්මුලකින් විනාඩියක් පමණ සපමින් මාරුවෙන් මාරුවට වාර 04 ක් 05 ක් පමණ කරන්නයි අවශ්‍ය වෙන්නෙ.
සමහරු මේ සඳහා ඇත්තටම චුයින්ගම් එකක් කම්මුල් මාරු කරමින් හැපීමත් සිදුකරනව.
මේ ව්‍යායාමය සිනහ වන විට කට දෙපස ඇතිවෙන රැළි ඉවත් කරන්නත් කම්මුල් වල හැඩය පවත්වා ගන්නත් ඔබට උපකාරී වෙනවා.
ඔබ බැලුමක් පුම්බන ආකාරයට මුලින්ම ඔබේ කම්මුල් පිරෙන්ඩ හුළං පුරවගන්න ඕන.
දැන් විනාඩියක් පමණ හුළං රඳවාගෙන ඉඳල ඔබේ තොල් උල් කරමින් හෙමින් හුළං පිටකරන්න ඕන.
මේ විදිහට දවසකට වාර 05 ක් 06 ක් පමණ කිරීම ප්‍රමාණවත්.
Double chin එහෙමත් නැත්නම් කම්මුල් එල්ලා වැටීම වළක්වන්න වගේම නිකටේ හැඩය පවත්ව ගන්නත් මේ ව්‍යායාමය ඔබට උපකාර වෙනවා.
මුලින්ම ඔබ ඔබේ මුහුණ කෙලින් තබා යටි හනුව හැකි තරම් ඉදිරියට ගෙන එන්න ඕන. ඔබේ කනට පහළින් ඇඳීමට ලක්වෙන බව ඔබට දැනෙන තුරු හැකිතරම් ඉදිරියට යටි හනුව ගෙන එන්න ඕන.
ඒ ඉරියව්වෙන් විනාඩි තත්පර 10 ක් පමණ යටි හනුව තබාගෙන ඉඳල හෙමීට යටි හනුව පිටුපසට මුල් ඉරියව්වටම ගෙන එන්න ඕන.
මේ විදිහට වාර 10 ක් පමණ දවසකට කිරීම ප්‍රමාණවත් වෙනවා.
The stretch
Saru FM Media