දවස් 90ක් රඳවා ප්‍රශ්න කරන පිල්ලෙයාන් හමුවන්න ගම්මන්පිල ඉල්ලලා!  I Sri Lanka Latest News

0
16


පසුගිය අටවන දා මඩකලපුවේ දී අත්අඩංගුවට ගන්නා ලද සිවනේසත-ුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, දින අනූවක් රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීම සදහා අවශ්‍ය අවසරය, ඊයේ දිනයේ දී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණි.Sri Lanka Latest News

පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබුවේ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැර ගැනීම සහ පසුව සිදු වූ ඔහුගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් බව පොලිසිය මුලින් නිවේදනය කර තිබුණත්, මෙම අත්අඩංගුවට ගැනීම පිටුපස පාස්කු ප්‍රහාරයට ඇති ඔහුගේ සම්බන්ධය පිළිබද අනාවරණයන්ද හේතුවක් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා විසින් සිදු කළ ප්‍රකාශවලින් තහවුරු වී තිබේ.

දැනට දින අනූවක රැදවුම් නියෝග ලබා සිටින පිල්ලෙයාන් හමු වීමට, හිටපු අමාත්‍ය ගම්මන්පිල සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ පිළිබද අනාවරණය කර තිබූ එක් පාර්ශ්වයක් වන්නේ, පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන පිටුපස ලුහුබදින ගවේශනාත්මක මාධ්‍යවේදියෙකු- වන තරිදු ජයවර්ධනයි.

ඔහු එය වාර්තා කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේන් ලද තොරතුරු මත බවද පවසා තිබුණි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here