නොතේරෙන පුංචි වයසේ ඉඳලම බෝනික්කෙක් තුරුළු කරන් නලවන්න හුරතල් කරන්න පුංචි ගැහැනු දරුවන් ආසා කරන්නේ මව්පදවියට ස්වභාවයෙන්ම ඔවුන් වරම් ලබන නිසා වෙන්න ඇති. ඒත් වැඩිවිය පැමිණි ගැහැනු දරුවෙක් නිසි වයසේදී විවාහ දිවියට එළැඹිලා දරුවෙක් වෙනුවෙන් පෙරුම් පුරද්දී ඒ හීනය දවසින් දවස දිග් ගැහෙද්දී ඒ දේ නම් දරාගන්න අමාරුයි. ඒ සඳහා හේතු වන කරුණු රුසක් තිබුණත් අද වන විට වෛද්‍ය විද්‍යාව දියුණුවෙන් දියුණුවට පත්ව ඇති නිසාම බොහොමයක් ගැටලු නිරාකරණය කරගැනීමේ වාසනාව හිමි වී තිබීම වචනයෙන් විස්තර කළ නොහැකි තරමේ සතුටක්. කෙසේ වුවත් දරු පිළිසිඳ ගැනීමකට බාධා වෙන කරුණු ඒ කියන්නේ කාන්තාවක් මද සරුභාවයට පත් වීමට හේතු පිළිබඳව අපි දැනුවත් වෙමු.
මද සරුභාවය යනු ගැබ් ගැනීම ප‍්‍රමාද වීමයි. මෙහිදී ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාව තිබුණත් ඒ සඳහා දීර්ඝ කාලක් ගත විය හැකියිත. එසේම වඳභාවය/ නිසරු භාවය (Sterile) යනු වසරක් පමණ උත්සහ කළද ස්වභාවික ලෙස ගැබ් නොගැනීමයි. පර්යේෂණවලට අනුව බොහෝ විවාහක යුවල් අනාරක්‍ෂිත ලිංගික එක්වීමකදී මාස 12 ක් (වසරක්) ඇතුළත ස්වභාවිකව ගැබ් ගැනීමේ හැකියාවක් පවතිනවා.
මද සරුභාවයට හේතූ
බොහෝ හේතූ වඳ භාවය/නිසරු භාවය සඳහා හේතු වන හේතුම වේ. එසේ වුවද ඇතැම් අවස්ථාවලදී නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි තත්ත්වයන්ද තිබිය හැක. ගැබ් නොගැනීම සඳහා කාන්තාවගේ පමණක් නොව ඇතැම් විට පිරිමියාගේ හේතූ ද බලපෑ හැක. මේ ලිපිය තුළින් සාකච්ඡා කෙරෙන්නේ කාන්තා පාර්ශවයට ඇති විය හැකි හේතු පිළිබඳවයි.
මෙය කාන්තාවන් සඳහා බහුලව බලපානු ලබන සුලබ ගැටලුවකි. ඩිම්බ මෝචනය නොවන විට සංසේචනය සඳහා ඩිම්බයක් නිදහස් නොවේ. මේ සඳහා හේතූ ගණනාවක් පවතී.
ගර්භාෂයේ ආබාධ හෝ අසාමාන්‍යතා ගර්භණීභාවය ඇති වීමට බාධා කරයි. මෙම ගැටලු උපතේ සිට ඇතිවන හා පසුව ඇති වන ලෙස ආකාර 2 කි.
මදසරුභාවයට හේතු වන අවදානම් සාධක
මදසරුභාවය හා සම්බන්ධ තත්ත්වය හඳුනා ගැනීම
මේ සඳහා සුදුසුකම්ලත් නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍යය.
සිදුකරන පරීක්ෂණ
මදසරුභාවය සඳහා ප‍්‍රතිකාර
ස්ත‍්‍රීන්ගේ සරුභාවය ඇති කිරීම සඳහා විවිධ වූ ප‍්‍රතිකාර ඇත. ඉන් එකක් හෝ නැතිනම් කිහිපයක් සම්බන්ධකර ප‍්‍රතිකාර ලබාදේ.
විවාහ වී වසරක් යනතුරු පවුල් සැලසුම් ක‍්‍රමයන් අනුගමනය නොකර ගර්භණීභාවයට පත් නොවීම ප‍්‍රාථමික මදසරුභාවය ලෙස හැඳින්විය හැකි අතරම අඩුතරමින් එක් දරුවෙකු සිටී නම් ඉන්පසුව දරුවන් නොමැති වීම එසේත් නැතිනම් ප‍්‍රමාදවීම ද්වීතියික මදසරුභාවය ලෙස හඳුන්වයි. කෙසේ වුවද මෙවැනි තත්ත්වයන් සඟවා ගනිමින් අවශ්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවීම දරුවෙකු පිළිබඳ ඔබේ සිහිනය තව තවත් දුරට රැගෙන යන අතරම නිසි කාලය තුළ සුදුදුකම් සපිරි පළපුරුදු වෛද්‍යවරයෙකු හමු වීම වඩා වැදගත් බව සිහි තබාගන්න.
කුරුණෑගල, පළාත් මහ රෝහලේ නවජ සූති දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිළධාරිනි (I ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය සමග සකසන ලද ලිපියකි.
Saru FM Media