දරු උපතින් පසු දරුවා තරමටම අම්මාටද ආදරණිය රැකවරණයක් අවැසි බව දන්නවාද

0
9


ගර්භනීතාවය සමඟ කාන්තාවකගේ සිරුරේ වෙනස්කම් රැසක් සිදුවෙනවා.ඒ සියලුම වෙනස්කම් ඇයගේ මානසික ස්වාභාවය කෙරෙහි බලපානවාගැබිණි බවේ ශාරීරික දුෂ්කරතා දරා ගනිමින් දරු උපත සිදු කිරීමට මෙන්ම ඉන් එපිට මවකගේ භූමිකාව රඟදක්වන්නට සිදු වීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයිවෛද්‍යවරුන් පවසන්නේ මව මානසික අසමතුලිතතාවයට ලක් විය හැකි බවයි.එහි ප්‍රතිඵලය වන්නේ බොහෝවිට ඔබට සෙවනැල්ල මෙන් සිටින සැමියාදෙමාපියන් ආදීන් කෙරෙහි කෝපයක් තරහවක් ඇතිවීම විය හැකියි.

ඒ නිසා ගැබිනියක ලෙස තමාගේ මානසිකත්වය ප්‍රසුතියෙන් පසුව පවත්වාගෙන යාම පිළිබඳව මනා අවධානයකින් සිටිය යුතුවෙනවා. ඒ වගේම ඇය වටා සිටින අයටත් ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුවීම අතිශයින්ම වැදගත් වනවා.

සමහර තරුණ මවුවරුන්ට දරුවා ප්‍රසුත කළ ආසන්නයේදීම සිය සැමියා කෙරෙහි නිරන්තර කෝප ගැනීම් ඇතිවන අවස්ථා දක්නට තියෙනවාදරුවා වෙනුවෙන් බොහෝ සේ වෙහෙසෙන්නට වීමඅත්දැකීම් රහිත ප්‍රථම දරු ප්‍රසුතියට මුහුණ දීමට සිදුවීමඅධික වේදනාවහෝමෝන වෙනස්වීමමේ සියල්ලම මානසික ආතතිය කෙරෙහි බලපානවා.

ඉතින් මේ තත්වය දිගින් දිගටම පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු විය යුතු වනවා.

බොහෝවිට තරුණ මවුවරුන්ට දරුවා උපත ලද විට නිදහස බෙහෙවින්ම සීමා සහිත වෙනවාඑය ඔවුනට දරාගත නොහැක්කක් වනවාඋදෑසන සිට රාත්‍රී නින්දට යන තෙක්ම දරුවා කෙරෙහි අවධානයෙන් සිටිය යුතු වීමත් ඇතැම් විට උදව්වට කිසිවෙකුත් නැතිව දරුවාගේ කටයුතු තනිවම කරගැනීමට සිදුවීම නිසා ඉවසීම නැතිවීමත්එය සැමියා වෙත යොමුවීමත් තමා මෙහිදී සිදුවන්නේවිශේෂයෙන්ම සැමියා මෙම තත්වය තේරුම් ගෙන කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්.

නින්ද යනු සියලු ශාරීරික දුක් පීඩා හා ලතැවුල් පිසදා හරින දිව ඔසුවකිදරුවාගේ උපත සමඟ මවගේ සුව නින්දට ඇතිවන බාධාව සහ එයින් ඇතිවන කායික හා මානසික තෙහෙට්ටුවද ඔබව කෝප ගන්වනවා. බිලින්දාට කිරිදීම,තෙත නැප්කින් නිරන්තරයෙන්ම මාරු කිරීමට සිදුවීම,නිවසේ කටයුතු ආදිය නිසා මවට සුව නින්දක් ලැබීම අතපසු වෙනවා.එයද නුරුස්සනා බවක් ඇතිවීමට හේතු ගෙන දෙනවා.ඒ නිසා දරුවා නිදන විට මවද නිදා ගැනීම වඩාත් සුදුසු වෙනවා.

ප්‍රසුතියෙන් පසුව මවට පෝෂ්‍යදායි ආහාර අවශ්‍ය වෙනවාකැල්සියම්යකඩවිටමින්ඛනිජ ලවන මේ සියල්ලම සමබරව ලබා ගතයුතු වෙනවාමානසික සුවය ආරාක්ෂා කර ගැනීම සඳහා පෝෂණයද වැදගත් වෙනවා.

ජලය ශාරීරික ශක්තිය රඳවා ගැනීම සඳහා අති විශාල මෙහෙයක් සිදු කරනවාජලය නිසි පමණට නොමැති වීම නිසා මලබද්ධය සහ විජලනය මෙන්ම තෙහෙට්ටුවද ඇති වෙනවාඑයද කෝපය කෙරෙහි බලපානවාඅවම ලෙස දිනකට ජලය ලීටර් 2ක්වත් පානය කල යුතු වෙනවා.

අවිවේකය නිසා වෙනදා මෙන් මිතුරු ඇසුර නොමැතිවීමද ඔබගේ කෝපයට හේතුවෙනවානිවසේදී ඒකාකාරී බවක් දැනෙනවාඉඳහිට හෝ දුරකතනයෙන් මෙන්ම නිවසින් බැහැරවී මිතුරන් හමු වීමට යොදා ගත හැකිනම් වඩාත් සුදුසුයිවිහිළු කරන්නසිනාසෙන්නඑය පීඩාකාරී හැඟීම් අතුරුදහන් කිරීමට හේතු වෙනවා.

කාර්ය බහුලකම නිසා සහ වැඩි අවධානය දරුවාට යොමුවීම හේතුවෙන් ඔබට සැමියා සමඟ ගතකිරීමට අවස්තාව නොලැබීමත් කෝපය ඇතිකරවන්නක්.ඒ නිසා සැමියා නිවසේ සිටින අවස්තාවලදී නිතරම දෙදෙනාම සතුටු සාමිචියේ යෙදෙමින් දරුවාගේ කටයුතුවල යෙදීම වඩාත් සුදුසු වනවා.

ඉතින් ඒ අතරට ලැබෙන විවෙකයකදී fb වැනි සමාජජාල මෙන්ම වීඩියෝ චිත්‍රපට නරඹා හුදෙකලාව දුරුකර ගැනීමට උත්සාහ කිරීම ඉතාමත්ම වැදගත් බව අමතක කරන්න එපා.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here