නිශ්මං රණසිංහ ,මාර්තු 26, කොළඹ LNW:
‘රටේ පවතින වත්මන් තත්ත්වය එක්ක නිවැරදි අනුග්‍රහය ප්‍රමාණාත්මකව දක්වන්න අපහසුයි.ඒත් මේ කිරලා මැනලා කරන වැඩක් නෙමෙයි.කිකර්ස් එකේ ඉන්නෙ දරුවො.ඒ අයට වැඩ කරන්න අනුග්‍රහය දැක්වීමේ උවමනාව මිස ගණන්වලින් ඊට සීමා දාගෙන නැහැ.දරුවො තමයි මේ රටේ අනාගතය.ඔවුන් ගැන ඉලක්කම්වලින් සීමා දාගෙන වැඩ කරන්නෙ නැති නිසා අපි එන හැඩය අනුව හැඩ ගැසෙමින් කිකර්ස් දරුවන්ට උදව් කරන්න සූදානම්.‘
අනුරුද්ධ විජේරත්න මෙසේ පැවසුවේ කිකර්ස් පාපන්දු ඇකඩමියට අනුග්‍රහය දක්වන්න ලේඩි ජේ ඉදිරිපත් වීම ප්‍රකාශයට පත් කළ මාධ්‍ය හමුවට එක්වෙමින්.ඔවුන් ලංකාවේ විශාලතම විශාලතම ගෘහ භාණ්ඩ ප්‍රදර්ශනාගාරය හැටියට හැදින්වෙන ලේඩි ජේ කළමණාකාර අධ්‍යක්ෂ අනුරුද්ධට අනුව එම අනුග්‍රහය තවත් විදිහකට පවුලෙ වැඩක්.පවුලෙ වැඩ කියන්නෙ සාර්ථකත්වය දැකීමේ අපේක්ෂාව ඉල්කක කරගෙන ජයග්‍රහණය වෙනුවෙන් මිලක් නොසළකා හඹා යන වැඩක්.විශේෂයෙන් තාත්තා කෙනෙක්ට දරුවෙක් වෙනුවෙන් වැය කළ හැකි ප්‍රමාණය තමන්ගේ අතේ තියෙන ප්‍රමාණයෙන් සීමා නොවන වෙහෙසකාරිත්වය කෙතරම් දරුණු වුව ද,නැවතීමක් ගැන හැඟීමක් දැනෙන එකක් නොවන බව විශ්වාසයි.
අනුරුද්ධ මේ මහා කතාව ගලපගන්න උත්සාහ කරන සංවේදී ආකාරය ඔහුගේ ව්‍යාපාරිකයාව පරාජය කරමින් සංවේදී මනුස්සයාව උස්සා ගන්න දරණ උත්සාහයක්.ඒක හුගක් සංවේදී ඉරියව් සහ වචනවලින් කියන්න ඔහු අකමැති නිසාම සරල වචන වලින් පිරුණු හැගීම එළියට දාන්න කරපු උත්සාහයක්.ඒත් අවසානයෙ ඔහු කියන වචන අස්සෙ තිබුණ හැගීම පාපන්දු තරමටම ලස්සනයි.

‘දරුවන්ට තියෙන ආදරේ කොහෙන්වත් වැටෙන සීමා නැහැ‘
“කලම්බු කිකර්ස්” සිය ක්‍රීඩා ඇඳුම් කට්ටලවල එයාර්ට්‍රැක් ලාංඡනය සමඟ පෙනී සිටින්නේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ලේඩි ජේ ලබාදෙන ශක්තියෙනි.ඒ ශක්තිය සඳහා අවශ්‍යය පාපන්දු ඇකඩමි සංකල්පය ගෙවෙන තත්පරයේත් එහි ප්‍රධානියාව සිටින විවේකා වීරසිංහගෙන්ය.පැල ඉන්දුවන්නට හැකිය.එහෙත් පොළව පෙරළෙන්නට සාරවත් වෙන්නට අවශ්‍යය ක්‍රියාකාරකම් බොහොමය.අනුග්‍රහය එහි නූතණ වගකිම් අතර පෙරමුණේම ඇති අවශ්‍යයතාවයකි.එහි මහා බර ලේඩි ජේ ගනිද්දි විවේකාලාගේ උත්සාහයට ඩිජිටල් මාධ්‍ය ක්‍රියාවලියේ අනුග්‍රාහකයා වන්නේ පපරේ ය.ඒ නිසාම ඇය මේ අනුග්‍රාහක හවුල්කාරයන් සුවඳවත්ව වැළඳ ගත්තාය.
මේ ගමන ඇකඩමියානු ස්වරූපය ගන්නේ එහි අරමුණු ඉලක්ක සමඟින්ය.අවසානයේ වෘත්තිමයභාවය දක්වා වන ගමණේ ඊට අවශ්‍යය කරන සංයමය,විනය සහ උනන්දුවත් කැපවීමත් වෙනුවෙන් කරන මඟ පෙන්වීම ජාතික කණ්ඩායම දක්වා පොහොසත් සහ පිරුණු ක්‍රීඩකයෙක් විය යුතුය.එය අරමුණ සහ ඉලක්කය බව පවසන්නේ පුහුණුකරු සිද්ධික් ය.
වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයෙකු වෙනුවෙන් යන ගමනේදි දේශිය වශයෙන් නොව විදේශිය වශයෙන් ද අවුරුදු 12 න් පහළ වයස් කාණ්ඩයේ සිටම අත්දැකීම් ලබා දෙන්නට කිකර්ස් වෙත ඇති හැකියාව සහිත සාක්ෂි කිකර්ස් ප්‍රධාන විධායක රොමාරියෝ සිල්වා හඳුන්වා දුන්නේය.2026/2027 වර්ෂ සඳහා ද තරග අත්දැකීම් මෙන්ම පුහුුණු අත්දැකීම් සඳහා වන වැඩ සැළසුම් ද රොමාරියෝ පෙන්වා දෙමින් පැහැදිළි කළේය.

කුඩා අවදියේ සිටම නිසි ඉලක්කයක් සහ සමහර විට බොහෝ කාලයක් ක්‍රීඩා කරමින් උපයා ගන්නට බැරි තරමේ අත්දැකීම් දෙස් විදෙස් ලෙස ලබා දෙන්නට ඇති පොහොසත්කමත් නිසා කිකර්ස් දුර ඇති ඉලක්ක වෙත ළඟාවීමට පහසු මාර්ග සහිත ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය.එහෙත් කුමන ක්‍රීඩාවකදි වුව ඊට ඇප කැප වීම සහ අධ්‍යයනය කියන කාරණාවලිදී ආදරනීය ලෙස තමන් තමන්ට දක්වන අවංකභාවය වැදගත් සාධකයක්ය.එය නිර්මාණය කිරීමේ කාර්යය කිකර්ස් හී ගෙවෙන පැය කිහිපයෙන් ඔබ්බට ගෞරවයෙන් වැඩම කරවාගෙන යාම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සතු වන පවුල් ඒකකයට ද අදාළය.
කිසිඳු බේදයක් නොමැතිව එක ආකාරයෙන් ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රීඩිකාවන්ට ද වෙන් වූ පාපන්දු සංස්කෘතියක් පවත්වාගෙන යමින් අනාගතය දකින්නට විවර කර තැබුණ යහපත් ද්වාරයක් ලෙස කිකර්ස් හැඳින්විය හැකිය.ඒ දොරෙන් යාම සහ ඒම සිඳුවන ආකාරය දෙස අප විමසිල්ලෙන් බලා සිටිමු.

The post දරුවො ගැන තියෙන වගකීමට සීමාවන් නැහැ.- ලේඩි ජේ කළමණාකාර අධ්‍යක්ෂ අනුරුද්ධ විජේරත්න appeared first on LNW Sinhala.
Saru News
















