දරුවෙකු පිලිබඳ සොඳුරු සිහින බොඳ කරන එන්ඩොමෙට්‍රියෝසිස්

0
13


දරුවෙකු කියන්නේ විවාහක සෑම කාන්තාවකගේම ආදරණිය බලාපොරොත්තුවක්ඉතින් සමහර අවස්තාවන් වලදී මේ ආදරණිය බලාපොරොත්තුව විවිධ හේතුන් නිසා කල් යනවාඉතින් ඉන් එක් අවස්තාවක් තමා එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්වයඒ පිළිබඳව අප අද ටිකක් දැනුවත් වෙමු.

මෙය නිතර අසන්නට ලැබෙන රෝගයක්.ඒ වගේම කාන්තාවන් පිඩාවට පත් කරන රෝගයක්මෙහිදී මාසික ඔසප් ලෙය ලෙසින් ඉවත් වන ගර්භාෂ සිවිය සමඟ යෝනි මඟින් පිටතට එන රුධිරයට අමතරව ගර්භාෂයෙන් උදර කුහරය තුළට රුධිර වහනය වීමක් සිදුවනවාමේ වහනය වන රුධිරය ඩිම්බ කෝෂපැලෝපීය නාලඅන්ත්‍රමුත්‍රා මගෙහි ගුද මගෙහි ඇලීම මෙන්ම තැවරීමද සිදු වෙනවාමෙය ඉතා බරපතල තත්වයක්මෙසේ රුධිරය වහනය වන නිසා ප්‍රජනන අවයව ආශ්‍රිතව රුධිර කැට ඇතිවිමක්ද සිදු වෙනවා.

ස්කෑන් පරීක්ෂණ වාර්තාලැපරොස්කොපි තුලින් රෝගය පිලිබඳ සොයා ගන්න පුළුවන්මේ සඳහා වෛද්‍යවරයෙකුගේ මග පෙන්වීම අවශ්‍ය වනවා.

විවාහක,අවිවාහක දෙවර්ගයටම මෙම රෝග තත්වය ඇතිවිය හැකියි.එපමණක් නෙවෙයි.දරුවන් සිටින මවුවරුන්ටද ඇතිවිය හැකියි.මෙය වැළඳුන කාන්තාවන් වසර ගනනාවක් දරුවන් නොමැති වීමෙන් දුක් විඳිනවා.ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා.

මේ රෝගයට ප්‍රතිකාර නොකළහොත් ඇතිවිය හැකි සංකුලතා බොහොමයක් තියෙනවාශල්‍යකර්මයකින් පැලෝපිය නාලඑක පැත්තක හෝ දෙපැත්තක ඩිම්බ කෝෂ ඉවත් කිරීමට සිදුවිය හැකියිඒ වගේම මේ රෝගය කල් ගත වීමෙන් ප්‍රජනන අවයව නරක් වී විනාශ වීම නිසා පිළිකා ආදියද ඇති වීමේ හැකියාව තියෙනවාඑවැනි අවස්ථාවකදී මුළු ප්‍රජනන පද්ධතියම ඉවත් කරන අවස්ථා බහුලව මුණගැසෙනවාඑම නිසා තාවකාලික පිළියම් වලින් වේදනාව යටපත් කරගැනීම නොකර නිවැරදි ප්‍රතිකාර වලට යොමු වීමෙන් රෝගය සුව කරගත කරගන්න පුළුවන්.

– චම්මි –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here