දරුවාට හෙඩ්ෆෝන් එකක් ලබා දීමේදී සැලකිය යුතු කරුණු

0
13


අද හෙඩ් ෆෝන් භාවිතය අපි කාටත් සුලබ දර්ශනයක්. එයිනුත් වැඩි පිරිසක් නව යොවුන් වියේ පසුවෙන දරුවන් කිව්වොත් නිවරැදියි.කොවිඩ් වසංගත තත්වය සමග මේ විද්යුත් මෙවලම් දරුවන්ටත් නැතිවම බැරි තරම් සමීප වුණා. 

ඒ වුනත් හෙඩ්ෆෝන් භාවිතා කිරීමේදී වැඩිහිටියන් විසින් දැනගත යුතු කරුණු කීපයක් තිබෙනවා.

දරුවන් හෙඩ්ෆෝන් පාවිච්චි කරනවා නම් වැඩිහිටියන් පාවිච්චි කරන උපාංගයම දරුවන්ට ගැලපෙන්නේ නැහැ.ඒ  නිසා දරුවන්ට මේවා භාවිතයට අවසරයක් දෙනවා නම් හෝ දරුවාට හෙඩ් ෆෝන් භාවිතා කළ යුතු අවස්ථාවක් තිබෙනවා නම් මේ ගැනත් සිතන්න වෙනවා..

සමහර දරුවන් ඝෝෂාකාරී සංගීතයට සවන් දීමට හෙඩ්ෆෝන් පැළඳ ගැනීම එතරම් සුදුසු නැහැ. ඒ නිසා දරුවන්ගේ ශ්‍රවණ පිලිබද ගැටලු ඇති වෙන්න පුලුවනි. දරුවන්ගේ  ශ්‍රවණ මාර්ගය පටුයි. ඒ නිසා ශබ්ද මට්ටම 60% කට වැඩියෙන් පවත්වා ගැනීම සුදුසු නැහැ.ඒ නිසා දරුවාට හෙඩ් ෆෝන් එක සමග තනි වෙන්න දීලා අම්මා ,තාත්තා තමන්ගේ වැඩ කටයුතු කර ගෙන යන්නත් එපා. දරුවා සවන්දෙන සංගීතය හෝ වෙන යම් දෙයක් මීටරයක දුරට ඇසෙනවා නම් එයින් තේරුම් යන්නේ ශබ්ද මට්ටම ඉහළ බවයි. දරුවා පවත්වා ගෙනයන ශබ්ද පරාසය ගැන විමිසිල්ලෙන් සිටින්න. ඒ වගේම In Ear Audio Piece වලට වඩා හෙඩ් ෆෝන් ආරක්ෂිතයි.

ඒ වගේම දරුවා කියන්නේ හයක් හතරක් තේරෙන කෙනෙක් නොවෙයි. ඔවුන් බලන්නේ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒත් හෙඩ්ෆෝන් එකක් පැයකට වඩා වැඩි කාලයක් පැළඳගෙන සිටීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. ඒ නිසා දරුවා මේවා සමග ගණුදෙණු කරන කාලය ගැනත් විමසිල්ලෙන් සිටින්න.

තවත් අනතුරු දැන්වීම් තිබෙනවා..

දරුවා හෙඩ්ෆෝන් එකක් භාවිතා කරනවා නම් එය මිතුරන් අතරේ බෙදා හදා ගැනීමත් සුදුසු නැහැ. ඒ ඇයි කිව්වොත් කණ වැනි විවෘත කුහර ඔස්සේ විෂබීජ සම්ප්‍රේෂණයට ඇති අවස්ථාව ඉතාම ඉහලයි.

සමහර අවස්ථාවලදී හෙඩ්ෆෝන්  නිසා අවට පරිසරයේ ඇති ශබ්ද ඇසෙන්නේ නැහැ. අම්මා,තාත්තා කතා කළත් දරුවා ඒ ගැන අවධානයක් දක්වන්නේ නැහැ.

හෙඩ්ෆෝන් නිසා හිසරදය,කැරකැවිල්ල වැනි රෝග තත්වයන් ගැනත් සමහර විට දරුවා පැමිණිලි කිරීමට පුළුවනි.

දරුවන්ට ගැලපෙන හෙඩ් ෆෝන් තිබෙනවා..

මෙහිදී දරුවාට අපහසු නොවන විදිහට තෝරා ගැනීම ඉතාම වැදගත්. 

 

 






 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here