පුංචි දරුවෙක් වැටුණම අම්මලා හරියට කලබල වෙනවා. විශේෂයෙන්ම මේ තත්ත්වය අපි වැඩිපුරම දකින්නේ ඒ අවස්ථාවේදී දරුවාගේ හිස වැදුණොත් තමයි. ඇත්තටම එහි අවදනමක් නැත්තේ නෑ. මොකද මිනිස් සිරුරේ ප්‍රධාන පාලක මැදිරි ලෙස හඳුන්වන්න පුළුවන් අපේ මොළයට හිස වැදීම හේතුවෙන් හානි විය හැකි අවස්ථාත් තිඛෙන නිසා. නමුත් මෙවැනි දරුණු තත්ත්වයක් ඇති වීමට නම් දරුණු ලෙස හිස වැදීමක් විය යුතුයි. කෙසේ වුවද මේ පිළිබඳව මව්පියන් දැනුවත් වීම වඩාත් වැදගත් වෙනවා.
එතරම් උස් නොවූ ස්ථානයකින් දරුවා ඇද වැටීමකට ලක්වී හිසේ වැදුණු ස්ථානය තඩිස්සි වන්නේ හිස තදින් වැදීමකදී හිස වටා සමෙහි ඇති රුධිර නාලිකාවලට හානි වීමෙන් රුධිරය සම මතුපිටට එකතු වීම නිසා හිස් කබලත් සමත් අතර ඉදිමුමක් ඇති වීමෙනි. මේ තත්ත්වය එතරම් භයානක තත්ත්වයක් නොවන අතරම දිනකින් දෙකකින් මගහැරී යයි. මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන අතරම ඇතැම් මව්වරුන් අයිස් තබා තැවීම, බටර් ගැල්වීම වැනි දේට පුරුදුව සිටී.
අංශභාග තත්ත්වය වැනි ලක්ෂණ පෙන්නුම් කරයි නම් ඒවා අභ්‍යන්තර රුධිර වහනයක් සිදුවන අවස්ථාවකදී පෙන්නුම් කරන ලක්ෂණ බැවින් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු විය යුතු වේ.
ඉහත රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවෙකු රෝහල්ගත කළ විගස අභ්‍යන්තර රුධිර වහනයක් සිදුව ඇත්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට ස්කෑන් පරික්ෂණ සිදු කර, අවශ්‍ය වුවහොත්, ශල්‍යකර්මයකට යොමු කර රුධිර කැට ඉවත් කරයි. මෙවැනි තත්ත්වයකදී රුධිර වහනය හේතුවෙන් ස්නායු තෙරපුමට ලක් වී ස්නායූවලට හානි සිදු විය හැකිය.
Saru FM Media