මව්පියන්ගේ කෝපය දරුවන්ගේ මානසික සංවර්ධනයට සැබවින්ම විශාල පහරකි. අන්න ඒ නිසාම කෝප ගැන්වීගෙන එන ඔබ පහත ක්රමයක් උපයෝගී කරගනිමන් පළමුව සන්සුන් වන්න.
(01) ගැඹුරු හුස්මක් ගනිමින් පිටකරමින් ආනාපානාසති භාවනාව ප්රගුණ කරන්න
(02) 1 සිට 10 ත් නැවත 10 – 1 ත් කිහිප වතාවක් ගණන් කරන්න
(03) ඔබ කැමති ගීතයකට සවන් දෙන්න
කායිකව මෙන්ම මානසිකවත් නිරෝගී දරුවන් දැයට දායාද කිරීමට වෙහෙසෙන මව්පියන් වන ඔබ දරුවන්ට ඔබ විසින් ලබා දෙන දඬුවම් පිළිබඳව දැනුවත් වීම ඉතාම වැදගත් වේ.
දරුවන්ගේ විසේකාරකම වෙලාවකට අම්මලාට දරාගන්න අමාරුයි. දවසේ විශාල රාජකාරී ගොඩකට කැප වෙන්න වෙන අම්මා කෙනෙක් දරුවන්ගේ අකීකරුකම් නිසා කෝප ගැන්වෙන එක එක් අතකින් අසාධාරණයි කියන්නත් බැහැ. මොකද දරුවනුත් වෙලාවකට එයාලගේ සීමාවන් ඉක්මවා යනවා. එහෙමයි කියලා දරුවන්ට ගුටි දෙන එක, බොහොම තරහෙන් බැන වදින එක ඒ තරම්ම සාධාරණ නැහැ. ඔබේ සිතට ආ කේන්තියට වැඩිහිටි ඔබව පාලනය කරන්න ඉඩ තියන්න පුළුවන්ද? ඔබේ දඬුවම දරුවාට බලාපාන්නේ කොයි ආකාරයෙන්ද යන්න පිළිබඳව ඔබ දැනුවත්ද? දරුවාගේ උඩු සිතට මෙවැනි සිදුවීම් ටික දිනකින් අමතකව ගිය ද දරුවාගේ යටි සිතට එය ප්රබල ලෙස බලපාන තත්ත්වයකි.
දරුවෙකුට පහර දීම කිසිසේත්ම අනුමත කළ හැකි තත්ත්වයක් නොවන අතරම ඒ හරහා දරුවාට ඇති වන මානසික පසුබෑම කෙතරම්ද යන්න වචනයෙන් විසිතර කළ නොහැකි තරම්ය. බැන වැදීම/පහර දීම/බියට පත්කිරීම වැනි මාපියන්ගේ දඬුවම්වලට ලක්වන දරුවන් විෂාදය, සාංකාව වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ අවධානම ඉහළය. එසේම එවැනි ක්රියාවන් හරහා දරුවන්ගේ පෞර්ෂ වර්ධනයට ඇති වන බලපෑම ද සුළු පටු නොවේ.
ඔබ දරුවා නිවැරදි මගට ගැනීමට ගුටි බැට දෙන බවත් කෑ ගසා බැන වදින බවත් සැබෑවක් විය හැකිය. සැබවින්ම මවක් කිසිදු විටෙක දරුවෙකුට වරදක් කරන්නට සිතන්නේ නැත. නමුත් එය දරුවාට වටහා ගත හැකි යැයි ඔබ සිතන්නේ නම් ඔබ නිවැරදි විය යුත්තේ එතැනදීයී.
දරුවන් සැමවිටම උත්සාහ කරනුයේ ඔබේ අවධානය දිනා ගැනීමටයි. ඔවුන් කුමන හෝ ආකාරයකින් ඔබේ අවධානය දිනා ගැනීමට උත්සාහ කරන අතරම කීකරුව හෝ අකීකරුව යමක් කිරීමට පෙළඹෙන්නේ ඒ වෙනුවෙනි. අකීකරු වැඩවලදී දරුවාට දඬුවම් කිරීමට දැඩිව ක්රියාත්මක වන මව්පියන් දරුවා සිදුකරන කීකරු/හොඳ වැඩකදී ඔහුව/ඇය පැසසුමට ලක්කරන්නට කල්පනා නෙකරන්නේ මන්ද? එහෙයින් අකීකරු අවස්ථාවලදී දරුවාට දඬුවම් දෙනවා සේම කීකරුව කටයුතු කරන විට ඔවුන්ට වැඩි අවධානයක් හිමි වන බව දරුවාට ඇඟවීමට වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුතුය.
ඉහත ක්රම අතරින් දරුවන්ට ”දඬුවම් කිරීම” මව්පියන් වැඩි ප්රතිශතයක් දරුවන් පාලනය කිරීම සඳහා යොදා ගන්නා ක්රමයයි. එහිදී,
මේ ගෙවෙන මොහොතේ ඔබ දරුවා පාලනය කරගත්ත ද දරුවාගේ හෙට දවස කෙරේ මෙවැනි තත්ත්වයන් ඉතාම අයහපත් ලෙස බලපානු ඇත. මෙසේ වෛරයෙන් පිරුණු වටපිටාව තුළ ඇති දැඩි වන දරුවා තම ජීවිතයට ලංකර ගනුයේ ඒ වටපිටාවමය. ඒ තම නිවස තුළින් ඔහුට/ඇයට හිමි වූ ආදර්ශයයි. මන්ද ඒ මොහොතේ සිදුවීම අමතකව ගිය ද දිගුකාලීනව දරුවාගේ මානසික වර්ධනය කෙරේ මේ තත්ත්වය බලපෑම් කරන බැවිනි.
මෙහිදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණක් වන්නේ දරුවන්ට දඬුවම් ලබාදීමේදී නිවසේ සියලූම වැඩිහිටියන් එක් තීරණයක සිටීමයි. මන්ද අම්මාගේ නොලැඛෙන අවසරය තාත්තගෙන් ලැඛෙනවා නම් එය සාර්ථක නොවේ.
දරුවන් හික්ම වීම සඳහා ඉහත දැක්වූ ක්රම තුන යටතේ පළමු හා දෙවන ක්රම දෙක මව්පියන් වන ඔබට ප්රයෝජනයට ගත හැකිය. එනම්,
උදා : පාසැලේ වැඩ ඉවර වෙනකන් ටීවී එක නම් ඕන් වෙන්නෙ නෑ පුතා
පුංචි සිරුරට මෙන්ම හිතට දරා ගත නොහැකි සේ ගුටි බැට දෙමින් කෑ කෝ ගසමින් වැඩිහිටි ඔබද පීඩාවට දුකට පත් වෙමින් දරුවෙකු පාලනය කිරීම කිසිසේත්ම කළ නොහැකි තත්ත්වයකි. එවිට දරුවා දිනෙන් දින මුරණුඩු දරුවෙකු බවට පත් වන අතරම දෙමාපියන් පිළිබඳව ඔවුන් තුළ ගොඩනැගෙන්නේ කලකිරමකි.ඉහත දැක්වූ ආකාර දෙක ප්රයෝජනය ගනිමින් දරුවන් පාලනය කරගැනීම වඩාත් උචිත වේ. නිරෝගී අනාගත පරපුරක වගකීම රැඳී ඇත්තේ මාපියන් වන ඔබ අතේය.
Saru FM Media