දරුවන් වටින බව, ඔබ දරුවට ආදරේ බව නිතර දැනෙන්න දෙන්න!

0
13


රෂිකා හෙන්නායක අප්‍රේල් 07 කොළඹ LNW :

ඔබ පිළිගන්න කැමති වුනත් නැතත්, ඔබේ දරුවගෙ මුල්ම ගුරුවරයා ඔබයි කියල එක්වරම ඇහෙද්දි ඔබට මොනවද හිතෙන්නෙ ?සමහරවිට ඔබ හිතන්න පුළුවන් ඔබ දරුවගෙ දෙමව්පියන් මිසක් ගුරුවරයෙක් නෙමෙයි කියල. තවත් සමහර වෙලාවට ඔබට ඔබේ දරුවට මව හෝ පියා මිස ගුරුවරයෙක් වෙන්න අවශ්‍යතාවයක් හෝ දැනීමක් නැතුවත් ඇති.

ඔබට ගුරුවරයෙක් සතු වෘත්තීය පුහුණුව සහ මනෝවිද්‍යාත්මක දැනුම නොමැති වුනත් එය ඔබේ දරුවාට අදාළ කාරණාවක් වෙන්නෙ නැහැ. දරුවො ඔබව දකිනව, දරුවො ඔබව අධ්‍යනය කරනව සහ දරුවො ඔබව අනුකරණය කරන්නත් පෙළඹෙනව. 

අන්න ඒ නිසාම දෙමාපියන් වීමේ සහ පළමු ගුරුවරුන් වීමේ වගකීමෙන්  මිදෙන්න ඔබට හැකියාවක් නැහැ. ඉතිං අද අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නෙ ඔබේ දරුවගේ පළමු ගුරුවරයා වෙන්නෙ කොහොමද සහ ඒ මඟින් ඔබේ පොඩිත්තාගෙ පෞරුෂය සංවර්ධනය කරන්නෙ කොහොමද කියලයි.

දරුවෙක් ඉපදුණු මොහොතෙ ඉඳන්ම දරුවො එක්ක කතා කිරීම ඔබේ දරුවට ලොකු බලපෑමක් ඇති කරන කාරණාවක් කියල ඔබ දන්නවද? කුඩා ශබ්ද වල ඉඳන්ම දරුවා සහ ඔබ අතර වන ශබ්ද සහ වචන ගණුදෙණුව දරුවගෙ භාෂා සංවර්ධනය සඳහා ඉතාම වැදගත් වෙනවා. ඔබේ පොඩිත්තගෙ ලෝකය සමඟ වඩා සමීප දේවල්, ඔබේ නිවසෙ දකින්න ලැබෙන දේවල්, දරුවත් එක්ක වාහනයක ගමන් කරද්දි දරුවට දකින්න ලැබෙන දේවල් වගේම සාප්පු සවාරියකදි දරුවට දකින්න ලැබෙන දේවල් වල නම් දරුවට ඇහෙන විදිහට කියන්න ඔබට පුළුවන්. දරුව වචන උච්චාරණය කරද්දී ඒ සඳහා උදව් වීමත් හරිම වැදගත්.හැකි සෑම විටම දරුවාට කතා කිරීමට අවස්ථාවක් හදල දෙන්නත් ඒ සඳහා දරුවාව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා. ඒ සඳහා මෙන්න මේ වගේ ක්‍රම අත්හදා බලන්න ඔබට පුළුවන්. 

එතකොට ඒ සෙල්ලම් බඩුව කොහෙද කියල පොඩ්ඩ ඔබෙන් අහයි. දරුව හොයන සෙල්ලම් බඩුව මොකක්ද කියල විස්තර කරල ඔබට කියන්න උත්සහ කරයි. එකම විදිහට ශබ්ද වෙන වචන ටිකක් එහෙමත් නැත්නම් ගීත ටිකක් (rhymes)  දරුවට ඇහෙන්න නිතරම කියන්න.ඒ අතරේ ඔබ වචනෙන් වචනෙ අඩුවෙන් කියන්න පටන් ගන්න. එතකොට දරුව ඒ වචන ශබ්ද කරන්න පටන් ගන්නව.

එක නාසයක්, අත් දෙකක්, කන් දෙකක් (one nose, two hands) වගේම ඇපල් ගෙඩි දෙකක්, මිදි ගෙඩි තුනක් වගේ සංඛ්‍යා සහ වචන යන දෙකම පොඩිත්තට කියල දීම සංඛ්‍යා සහ වචන යන දෙකම පිළිබඳ අවබෝධය එක්වර ලබාගන්න දරුවට උපකාරී වෙනවා. 

ඔබ ඔබේ දරුවාගෙ හොඳ රසිකයෙක් සහ ඔබේ දරුවාට හොඳ සවන්දෙන්නෙකු වීම අනිවාර්‍ය බව නම් ඔබ මතක තබාගත යුතුමයි. 

දරුවත් එක්ක පොතක් කියවද්දි නම් ඔබ තෝරගන්න පොත, පොතේ පින්තූර සහ පොතේ අන්තර්ගතය පිළිබඳ අපි ඉතාම සැළකිලිමත් වෙන්න ඕන. 

පින්තූර පෙන්වමින් දරුවත් එක්ක පොත් කියවද්දි දරුවට පින්තූර, පාට සහ කතාවක ස්වරූපය පිළිබඳ ටිකෙන් ටික අවබෝධ වෙන්ඩ පටන් ගන්නව.  



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here