අගමැතිනිය කියයි
දරුවන් වධ හිංසනයට පැමිණවීම පිළිබඳ පනත ගුරුවරුන් හා පාසල් ඉලක්ක කරගෙන සංශෝධනය වූ නීතියක් නොවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා පෙරේදා (27 දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.
“මේක පාසල් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. මේක දරුවන්ට දෙන ශාරීරික හා මානසික දඬුවම පිළිබඳ ප්‍රශ්නයක්. පාසල්වල විනය පවත්වාගෙන යෑම අපි තහනම් කරල නැහැ. විනය පවත්වාගෙන යෑමට වධ හිංසා දීම අත්‍යවශ්‍යයි කියලා හිතන සමාජයක් තුළ නම් අපි ජීවත් වෙන්නේ, අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.
“දරුවන් පීඩාවට ලක් නොකර, දඬුවම් දිය හැකි ක්‍රම ඕන තරම් තියෙනවා. ඒවා ගැන අපි වැඩමුළු තියලා සාකච්ඡා කරමු” යැයි ද අගමැතිනිය කියා සිටියාය.
චමින්ද සිල්වා
Saru FM Media