එකමත් එක කාලෙක කියලා පටන් ගනිද්දිම පුංචි දරුවෝ හරි බරි ගැහිලා වාඩි වෙන්නේ අම්මා/තාත්තා/ආච්චි මේ ලෑස්ති වෙන්නේ ලස්සන කතන්දරයක් කියලා දෙන්න බව දන්න නිසයි. ලොකු පුංචි කියලා වෙනසක් නෑ, හැමකෙනෙක්ම වගේ කතන්දර අහන්න ආසයි. පුංචි දරුවන්ගේ භාෂා කුසලතාව වර්ධනය කිරීමට, සවන්දීමේ කුසලතාව වර්ධනය කිරීමට වගේම පෙර කියවීමේ කුසලතාව වර්ධනයට කතන්දරවලින් දරුවෙකුට ලොකු සහයෝගයක් ලැඛෙනවා.
එකම කතාව වුණත් නැවත නැවත කියන්නට දරුවන් පෙරැත්ත කරන අත්දැකීම ඔබටත් ඇති. ඒ වගේම පොත් මේ අත්දැකීම් දරුවෙකුගේ සමස්ත වර්ධනය කෙරේ විශාල බලපෑමක් ඇති කරනවා. වැඩිහිටි අපගේ වගකීම වන්නේ දරුවන්ගේ රසවින්දනයට හෝ බුද්ධියට බාධාවක් නොවන පරිද්දෙන් මේ යුතුකම ඉටු කිරීමයි.
දරුවන්ට කතන්දර කියාදීමේදී ඒ සඳහා සුදුසු වේලාවක් මෙන්ම ස්ථානයක් තෝරාගන්න. ඒ සඳහා ඔබ තෝරාගන්නා වේලාව මෙන්ම ස්ථානයද දරුවාට සුව පහසුද ඒ සඳහා දරුවාට යොමු වීමට සුදුසු මානසිකත්වයක සිටීද යන්න පිළිබඳව සැලකිලිමත් වෙන්න. කිසිදු අවස්ථාවක මේ සඳහා දරුවෙකු බලෙන් පොළඹවා ගැනීම නුසුදුසු බව සිහිතබාගන්න.
Saru FM Media