දරුඵල ප්‍රමාද වීම ගැන ඔබ නොදත් හේතු

0
14


අද සමාජයේ වැඩිපුරම කතාබහට ලක්වෙන සුලභ මාතෘකාවක් ගැන වටිනා කරුණු කීපයක් ඔබට ගෙන එන්නයි අපේ මේ සූදානම.  

අපි අද කතා කරන්නෙ දරුවෙක් අපේක්ෂාවෙන් උපත් පාලන ක්‍රම භාවිතයෙන් තොරව නිතිපතා සංසර්ගයේ යෙදෙන යුවළකට දරුවෙක් පිළිසිඳ නොගැනීම එහෙම නැත්නම් මඳසරුභාවයට බලපාන සැඟවුනු හේතු ගැනයි. 

පර්‍යේෂකයන් පවසන ආකාරයට දරුවන් අපේක්ෂාවෙන් සිටින යුවළ 7 දෙනෙක්ගෙන් එක් යුවළක් මේ ගැටළුවෙන් පෙළෙන බව දැනට හඳුනාගෙන තිබෙනවා. 

‍යුවළක් අතරින් කාන්තාවගේ වයස අවුරුදු 40 ට අඩුනම් සහ ඔවුන් උපත් පාලන ක්‍රම භාවිතයෙන් තොරව දින දෙකකට හෝ තුනකට වරක් සංසර්ගයේ යෙදෙයි නම් කාන්තාව වසරක් ඇතුළත ගැබ් ගැනීම සාමාන්‍ය තත්වයයි. 

ඒ වගේම යුවළක් මේ ආකාරයට වසර 03 ක් ගැබ් ගැනීමට උත්සහ කලත් එය සාර්ථක නොවුනොත් ඊලඟ වසර එහෙමත් නැත්නම් 04 වෙන වසරේදී ගැබ් ගැනීමේ හැකියාව 25% ක් හෝ ඊට අඩු බවයි පර්‍යේෂකයන් පෙන්වා දෙන්නෙ. 

අපි එකිනෙකාගේ සිරුරු එකිනෙකාට වෙනස් බව ඔබ දන්නවනේ.

සමහරක් කාන්තාවන් ඉක්මණින් ගර්භණීභාවයට පත්වෙනව වගේම සමහර කාන්තාවන්ට ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. 

ඔබට වයස අවුරුදු 36 ට වැඩි නම්, ඒ වගේම ඔබ ගර්භණීභාවය අපේක්ෂාවෙන් උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර වසරකට කාලයක් නිතිපතා සංසර්ගයේ යෙදුනත් සාර්ථක නොවුනේ නම් ඔබ ඔබේ පවුලේ වෛද්‍යවරයා  හමුවී මුලින්ම උපදෙස් ගත යුතු බව අපි ඔබට මතක් කරනවා. 

ඒ වගේම දැනට හඳුනාගෙන තිබෙන මඳසරුභාවයේ ආකාර 02 ක් තිබෙනවා. 

ප්‍රාථමික මඳසරුභාවය

කිසිදිනක දරුවෙකු පිළිසිඳ ගෙන නොමැති අයට ඇති දරුවෙක් පිළිසිඳ ගැනීමේ ගැනීමේ ඇති ගැටළු

ද්විතීක මඳසරුභාවය

කලින් දරු උපත් එකක් හෝ ඊට වැඩි ගණනක් ඇති නමුත් ඉන් පසුව ඇතිවූ දරුවෙක් පිළිසිඳ ගැනීමේ ගැටළු

දැන් අපි බලමු මේ ආකාර දෙකෙන් කුමන ආකාරයට හෝ මඳසරුභාවය ඇතිවීමට බලපාන හේතු මොනවද කියල?

මඳසරුභාවය ඇතිවෙන්නෙ ඇයි?

යුවළක් අතරින් මඳසරුභාවය කාන්තාවකට වගේම පිරිමියෙක්ටත් තියෙන්න පුළුවන් කියන කරුණ ඔබ දැඩිලෙසම සිතේ තබාගන්නම ඕන. 

මේ සඳහා හේතුව ඉක්මණින් හෝ පහසුවෙන් හඳුනාගන්න හැකියාවක් නැහැ.

කොහොම වුනත් වෛද්‍යවරුන් පවසන ආකාරයට,

ඩිම්බ මෝචනයේ ගැටළු / මාසික ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

ගුණාත්මකභාවයෙන් අඩු හෝ තොර ශුකාණු සහ ශුක්‍ර තරලය

අවහිර හෝ හානි වූ පැලෝපීය නාල සහ

ගර්භාෂයේ ශ්ලේෂ්මලයට සමාන පටක ගර්භාෂයෙන් පිටත වෙනත් ස්ථාන වල වර්ධනය වීම නිසා ඇතිවෙන එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis) තත්වය මේ සඳහා හේතු වෙන්න පුළුවන්. 

ඒ වගේම, 

වයස්ගත වීම නිසා ඇතිවෙන ගර්භණීභාවයට පත්වීමේ හැකියාව අඩුවීම,

උස අනුව බර අනුපාතය එහෙමත් නැත්නම් BMI දර්ශකය 30 ට වැඩිවීම, 

කැපී පෙනෙන ලෙස බර අඩුවීම,

ක්ලැමීඩියා ඇතුළු සමහර ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග, 

ශුක තරලයේ ගුණාත්මකභාවයට සහ පිළිසිඳ ගැනීමේ හැකියාවට දැඩි ලෙස සෘජු බලපෑම් එල්ල කරන දුම්පානය සහ මත්පැන් පානය, 

ඇතැම් පළිබෝධනාශක, රසායනික ද්‍රව්‍ය සහ ලෝහවලට නිරාවරණය වීම, 

කාන්තාවන් තුළත් විශේෂයෙන්ම පිරිමි සහකරුවන් තුළ ඇතිවිය හැකි මානසික ආතතිය නිසා ලිංගික ආශාව නැතිවී යාම හෝ අඩුවීම වගේ කරුණු මඳසරුභාවය සඳහා හේතු වෙන අවධානම් සාධක ලෙසත් පර්‍යේෂකයන් පෙන්වා දෙනවා. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here