දඹුල්ලේ විපක්ෂ මන්ත්‍රීවරු බී ලූනු මාල දාගෙන රැස්වීමට එති

0
13

අල හා බී ලූනු ගොවීන්ගේ අස්වැන්නට නිසි මිලක් නොලැබීමට විරෝධය පළ කරමින් දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් පෙරේදා (11දා) බී ලූනුවලින් සැකසූ මාල පැලඳගෙන එම ප්‍රාදේශීය සභාවේ මහා සභා රැස්වීමට පැමිණියහ.

සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ අනෙකුත් පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් දඹුල්ල ප්‍රාදේශීය සභා සංකීර්ණයට බී ලූනු මාල පැලඳ ප්‍රධාන මාර්ගය ඔස්සේ පාගමනින් පැමිණියේ “ගොවි පුතා රජවුණා, ගොවියාට කෙළවුණා’ වැනි සටන්පාඨ කියමිනි.

මෙහිදී අදහස් දැක්වූ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු මෙසේ ද පැවසූහ.

ගොවීන් වෙනුවෙන් වැඩිපුරම හඬනඟපු ලාල් කාන්ත හා වසන්ත සමරසිංහ යන ඇමැතිවරුන් ඉන්න ආණ්ඩුවකින් ගොවියා වළපල්ලටම දාලා. දැන් කියනවා ලබන අවුරුද්දේ අල, ලූනු මිලදී ගැනීමට වැඩපිළිවෙළක් හදනවාලු. ලබන අවුරුද්දේ කන්න මේ අවුරුද්දේ කාලා ඉන්න ඕනෑ කියලා මේ ඇමැතිවරු දන්නේ නැද්ද? ජනාධිපතිතුමාවත් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා අල – ලූනු මිලදී ගැනීමට වැඩපිළිවෙළක් හදන්න කියලා අපි ඉල්ලනවා.

කමල් බෝගොඩ

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here