දත් මදිනකොට මේ පුරුදු පුරුදු වෙන්න

0
3


ලස්සන සුදු දත් දෙපලක් ගැන ඕනෑ තරම් අහලා ඇතිනේ ?. ඒ වගේම දත් පරෙස්සම් කරගන්න නේක විධ ආලවට්ටම් ගැන කියන වෙළඳ දැන්වීම් ඕනෑ තරම් දැකලා ඇති. ඒ වෙළද දැන්වීම් දැකලා දත් සුදු කරගන්න, වඩා නීරෝගී දත් දෙපලක් ලබා ගන්න ඒ නිශ්පාදන මිලයට අරගෙන  ඒ කියන තරම් සාර්තක ප්‍රතිපල නොලැබුණු කතන්දරත් ඕනෑ තරම් ඔබට කියන්න ඇති. ‘ඒ කොහොම වුනත් අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ දත් නීරෝගීව  තියාගන්න නම් ඔයා අනිවාර්‍යෙන්ම පුරුදු වෙන්න  ඕනි කාරණා කිහිපයක් ගැන. මේ කාරණා ජීවිතේ හැමදාම අනුගමනය කරන්න පුරුදු වුනොත් නම් ඔයාට අනිවාර්‍යෙන්ම නීරෝගී දත් දෙපලක් ලබා ගන්න පුලුවන්.

ඉස්සෙල්ලාම නිවැරදි දත් බුරුසුවක් තෝරාගන්න ඕනි

අතීත කාලේ නම් දත් මදින්න පාවිච්චි කරලා තියෙන්නේ ගස් වල පොතු, අඟුරු වගේ දේවල් නේ.  ඒත් කාර්මික ලෝකයට එලැඹෙනකොට දත් මදින්න දත් බුරුසුව හොයාගන්නවා, මුල් කාලේදි තිබුණ දත් බුරුසුවේ  හැඩය මේ වෙනකොට  යම් යම් ආකාර වල විකරණය වීම් වලට ලක් වෙලා වර්තමානයේ අපි භාවිතා කරන දත් බුරුසුව නිශ්පාදනය වෙලා තියෙන්නේ.    විවිධාකාර වෙළඳ නාම යටතේ වෙළඳපොලේ විවිධ ස්වරූප වලට අයිති දත් බුරුසු තියෙනවා. ඒ වුනත් අපි අපිට ගැලපෙන දත් බුරුසුවක් තෝරාගන්න ඕනි. එහෙම නැති වුනොත්, කොයි තරම් උත්සාහ කලත් ඔබේ දත් දෙපල ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් නඩත්තු කරගන්න බැරිව යනවා.මෘදු කෙඳි සහිත අතට හසුවන ප්ලෑස්ටික් හෝ ලී වලින් සකස් කරන ලද හැඩලයක් සහිත බුරුසුවක්  තෝරාගන්න එක වැදගත්. එහෙම නැති වුනෝතින් දැඩි බුරුසු කෙඳි වැදිලා ඔබේ දන්ත එනැමලයට, දන්ත මූලයන්ට සහ  විදුරුමසට හානි වෙන්න පුලුවන්. මේ හානි වෙන තැන් වල බැක්ටීරියා වර්ධනය වීමේ අවධානමක් තියෙනවා වගේම, ඒ නිසා ඔබේ මුවෙන් දුර්ගන්ධයක්  හමන්නත් පුලුවන්.

දත් මැදිය යුතු කාලය

ඔබත් එකයි, දෙකයි, තුනයි කියලා තත්පර කිහිපයකින් දත් මැදලා අවසන් කරන කෙනෙක් නම්, ඔබේ දත් මැදීම පලක්  නැහැ. දත් මදින්න ඔබ විනාඩි දෙකක් තුනක් අතර කාලයක් වැය කරන්න අවශ්‍යයි. ඒ වගේම ඒ කාලයේ දී දත් බුරුසුව දත් මත සය අතර යැවෙන විදියට දත් මදින්න ඕනෑ. එහෙම නැතුව දත් බුරුසුව ද්ත් වලින් හපමින් සහ, මුව තුල නිකම්ම දාගෙන හිටියාට වැඩක් නැහැ.

දිව මැදීම අනිවාර්‍යෙන්ම කල යුතුයි

සමහරවිට ඔබ දැකලා ඇති, කතා කරනකොට දිවේ සුදු පාට යමක් බැඳිලා තියෙන අය. එහෙම අය තමයි උදේට රෑට දත් මැදලා දිව මදින පුරුද්ද අමතක කරන අය. දිව ඇඟිල්ලෙන් මදින එක ප්‍රමානවත් නැහැ. දත් මැදලා ඉවර වුනාම ඔබේ දත් බුරුසුවම භාවිතා කරලා දිව මදින එක වැදගත්. දිව මදින එක අතපසු කරන එකෙන්, මුවෙන් දුගධ හමන්න පුලුවන් වගේම දිවේ විව්ධ තුවාල හටගන්නත් පුලුවන්.

පැරණි දත් බුරුසු භාවිතයෙන් වැලකීම

මේ පුරුද්දත් ඔබ අනිවාර්‍යෙන්ම පුහුණු වෙන්න ඕනි. ඔබේ පෞද්ගලික සෞඛ්‍ය වෙනුවෙන් හැම මාස දෙකකට හෝ තුනකට වරක් අපි අර උඩින් සඳහන් කරපු ලක්ෂණ වලින් සමන්විත දත් බුරුසුවක් මිලයට ගන්න අමතක කරන්න එපා.  බුරුසු කෙඳි විහිදිලා ගියපු දත් බුරුසු වලින් දත් මදිනකොට ඔබේ දත් එනැමලයට වගේම විදුරුමසටත් හානි වෙන්න පුලුවන්. ඒ වගේම දත් බුරුසුව වියලිව තබා ගන්න එකත් වැදගත්. එහෙම නොවුනාම දත් බුරුසුවේ විවිධ බැක්ටීරියා වර්ධනය වීම් දැක ගන්න පුලුවන් වෙනවා.

නිවැරදි ඉරියව්වෙන් දත් බුරුසුව භාවිතා කිරීම

මේ ගැන ඔබ දන්නේ නැත්නම් ඔබේ දන්ත වෛද්‍යවරයා මුන ගැහිලා දැනුවත් වෙන එක වැදගත්. එහෙම නැත්නම් අන්තර්ජාලයේ තියෙන වීඩියෝපට නරබලා වුනත් මේ ගැන අදහසක් ගන්න පුලුවන්. දත් මදිනකොට හැම දතක්ම මැදෙන විදිය අංශක හතලිස් පහක් බුරුසුව හරවලා තමයි දත් මදින්න ඕනි. ඒ වගේම දත් වල ඇතුලු පැත්තත් ඒ විදියටම මදින්න ඕනි.

දවසට දෙපාරක්වත් දත් මදින්න

ගොඩක් අය උදේට අනිවාර්‍යෙන්ම දත් මැද්දාට රෑට දත් මදින එක අමතක කරනවා. ඒත් ඇත්තටම අපි අනිවාර්‍යෙන්ම දත් මදින්න අවශ්‍ය වෙන්නේ රෑට. රාත්‍රී කාලයේ අපි නින්දේ  ඉන්නකොට සක්‍රීය වෙන බැක්ටීරියාවන්ට අපේ මුව තුල ආහාර ඉතුරු කරන එක ඒ තරම් හොඳ පුරුද්දක් නෙවෙයි කියලා ඔබට තේරෙනවානේ?

දන්ත වෛද්‍යවරයා හමුවීම

මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙක් ලවා දත් පරික්ශා කරගන්න පුලුවන් නම් ඒක ගොඩක් වටිනවා. අඩුම තරමේ අවුරුද්දකට සැරයක් හරි ඒ වෙනුවෙන් කාලය වෙන් කර ගන්න

කොහොම හරි , මෙන්න මේ පුරුදු ඔබේ එදිනෙදා ජීවිතය තුළ පුහුණු කරගත්තොත් අනිවාර්‍යෙන්ම ඔබටත් ලස්සන සුදුවන් දත් දෙපලක් ලබාගන්න පුලුවන් . 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here