දත් කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්. දත් මිටි කන්නට වගේම යාළුවෙක් ඕන්නැති කතාවක් කිව්වොත් දත් ටික බඩට යන්න දෙන්නත් දත් තියෙන්නට ඕනේ. ගොඩක් අය සියල්ල දත් වගේ හිටියාට කටේ තියෙන දත් ටික තරම් වත් දෙයක් දන්නෑ කියලා කතාවට කිව්වාට දත් ගැන මේ අපූරු කාරණා ටික දැනගත්තොත් නම් විදත්, සිදත් වගේ නම් තියෙන යාළුවන්ටත් ආඩම්බර හිතේවි.
1. ඉස්සර කාලේ අයත් දත් මැද්දා

Source – emeze.com
අපේ සීයලා ආච්චිලා බෝඹු කෝටු හපලා කොස්ස වගේ කෙඳි ටික හදාගෙන ඒකෙන් දත් මැද්දා වගේම අතීත මුතුන් මිත්තන් පවා ගස්වල ගෙවී ගිය අතු කැබලි වලින් දත් සුද්ද කරගත් බවට සාක්ෂි හමුවී තිබෙනවා. අපි අඟුරු කුඩු වලින් දත් මදිනවා වගේ ක්‍රි.පූ. 5000 පමණ කාලයේදී ඊජිප්තු වාසීන් බිත්තර කටු කුඩු කරලා දත් මැද තිබෙනවා. ක්‍රි.ව. 1700 කාලය වන විටත් චීනයේ ඇටකටු මිටකට සවි කරපු ඌරු කෙඳි වලින් හදපු දත් බුරුසු තිබුණා. අද අපිට දකින්නට ලැබෙන නයිලෝන් කෙඳි සහිත දත් බුරුසු ආවේ 1930න් පමණ පසු කාලයේ වන අතර මුල්ම ඉලෙක්ට්‍රොනික දත් බුරුසුව 1954දී නිපැයුණා.
2. දත් වලට ඔබ ගැන විස්තර කියන්න පුළුවන්

Source – livescience.com
මරණ පරීක්ෂණ වලදී එහෙම දත් පාවිච්චි කරලා ගොඩක් විස්තර සොයා ගන්නට හැකි වෙනවා. කෙනෙක්ගේ වයස, ආහාරයට ගත් දේවල්, කාල වකවානු, ආහාර ගන්නා ආකාරය, ජීවත් වූ ප්‍රදේශය, ජීවිත කාලය තුළ ඇතිවූ විවිධ ආබාධතා, මානසික සෞඛ්‍යය ගැන විස්තර වගේ බොහෝ දේවල් වලට දත් සාක්ෂි සපයනවා.
3. එක වගේ දත් දෙකක් ලොව කොහේවත් නැහැ

Source – yourdentistry.com
ඇඟිලි සලකුණු වගේම දත්නුත් එකිනෙකට ආවේණිකයි. අඩුම තරමේ කට ඇතුලේවත් එක ජාතියෙ දත් තිබුණාට එක වගේ දත් නැහැ. පොඩි කාලේ තිබුණු දත් විස්ස සහ දැන් තිබෙන දත් තිස් දෙක එක එක විධියයි. ඉතින් ඔබටම ආවේණික දත් දෙපළ පෙන්වලා ඔබටම ආවේණික සිනහවක් දසන් දක්වා ලෝකයට ලබා දෙන්න බිය වෙන්නේ ඇයි?
4. ඉපදෙන්නත් කලින් ඉඳලාම හනුවල දත් තිබෙනවා

Source – myhealthunit.ca
අපි මව්කුසෙන් එළිය දකින්නටත් කලින්මයි අපේ කිරිදත් හනු ඇතුලේ ගොඩ නැගෙන්නේ. ඉපදිලා මාස තුනත්-හයත් අතර කාලයේ තමයි ඊට පස්සේ මේවා තල්ල පලාගෙන උඩට එන්නේ. ඒ වෙද්දිම ස්ථිර දත් තමන්ගේ වැඩ පටන් ගන්නවා. ඊට පස්සේ කිරි දත් තල්ලු කරගෙන ඒවා උඩට එන්නේ ආයෙ නාකි වෙනකම්ම ඉන්න බලාගෙන තමයි. ඒ දත් ටික ඉතින් හොඳට පරිස්සම් කරගන්න වෙනවා. හදිසියෙවත් වැඩ පෙන්නන්න ගිහින් දතක් ගැලවුණොත් වහාම කිරි වීදුරුවක දාගෙන ගිහින් දන්ත වෛද්‍යවරයෙක් ලවා දත ආයෙ තිබුණා වගේම සවි කරවා ගන්න පුළුවන්.
5. සිරුරේ සවිමත්ම කොටස එනැමලයයි

Source – imgur.com
අපේ ශරීරයේ අතන හයියයි මෙතන හයියයි කියලා හිතාගෙන හිටියාට කටේ තමයි සවිමත්ම කොටස තිබෙන්නේ. විදුරුමස් වල දුර්වලතාව නිසා දත් ඉක්මණට ගැලවුණත්, දතක් කෑලි වලට කඩන්නට ගොඩක් අමාරුයි. මොකද, එනැමලය කියන සවිමත් ස්ථරය අපේ දත වටා සිටිමින් එයට උපරිම ආරක්ෂාවක් ලබා දෙනවා. ඒත් කෑම කද්දී මුඛයේ ඇතිවන ආම්ලික බව නිසා එනැමලය පැයක් විතර යනකම් සවිමත් නැහැ. මේ නිසා කාපු ගමන් දත් මැදීම හොඳ අදහසක් නෙවෙයි.
Cover Image Source – waltherchesterfielddentistry.com / drkenzik.com / lakeviewdental.co.nz
The post දත් ගැන ඔබ නො දත් දේවල් appeared first on Lifie.LK.
Saru FM Media