දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන මගින් ගුරුවරුන්ගේ ආරක්‍ෂාවට නව මාර්ගෝපදේශ එයි

0
1

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන තුළින් ගුරුවරුන්ගේ ආරක්‍ෂාව සඳහා නව මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන මෙතෙක් සම්මත නොවීම තුළ පාසල් පද්ධතියේ විනය සම්බන්ධයෙන් පැනනැගී ඇති ව්‍යාකූල තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා සහ ලංකා ගුරු සංගමයේ නිලධාරීන් අතර ඊයේ (08දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවේ දී කරුණු 07ක් පිළිබඳව අවධානය යොමුවී ඇත.

එහිදී නව මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත්කිරීමට අමතරව සිසුන්ගේ ඉගෙනුම්, ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා කරමින් විවිධ ව්‍යාපෘති හරහා ගුරුවරුන් මත පටවා ඇති පීඩාකාරී වගකීම් ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛ කඩිනමින් නිකුත්කිරීම, ජාතික හා පළාත් පාසල්වල ගුරු සේවයේ ස්ථාන මාරු කිරීම්, ගුරුවරුන්ගේ පහසුව සඳහා අදාළ පළාත් මාරු මණ්ඩල හරහා සිදු කිරීම, වැටුප් වර්ධක ගෙවීමේදී පළාත්, කලාප විසින් හඳුන්වා දී ඇති විවිධ ව්‍යාකූල සහිත කාර්ය සාධක ඇගැයීම් පත්‍රිකා ඉවත් කර විදුහල්පති නිර්දේශ මත පමණක්ම කටයුතු කිරීම, මෙම වර්ෂයේ 06/30 දිනට මොඩියුල ඇගැයීම් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ ගුරුවරුන්ට ඒවා කඩිනමින් සම්පූර්ණ කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සැකසීම, පාසල්වල මුදල් රැස් කිරීම සම්බන්ධ පවතින පැමිණිලි කඩිනමින් විභාග කිරීම හා අදාළ චක්‍රලේක සංශෝධනය කිරීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මුහුණපාන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට මෙහිදී සාකච්ඡා වී ඇත.

චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here