දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා සඳහා මත්ද්‍රව්‍ය සැපයූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු (05) මිරිස්ස ධීවර වරායේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.
“දීලීෂ 03” නමැති මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා වෙත මත්ද්‍රව්‍ය තොගය සැපයූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුගිය සිකුරාදා දින මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා ඊයේ (25) දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබීය.
අදාළ සැකකරුවන් 11 දෙනා අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් පැවසීය.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකරමින් පවතී.
📌සබැඳි පුවත්
Saru News










