දකුණු මුහුදේ ඇල්ලූ මත්ද්‍රව්‍ය යාත්‍රා ගැන අලුත්ම අනාවරණය

0
7

දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ බහුදින ධීවර යාත්‍රා දෙකක් සහ සැකකරුවන් 11 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, ශ්‍රී ලංකා පොලිසියෙන් ලද තොරතුරකට අනුව දිගුදුර නෞකා යොදාගනිමින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කළ බවය.

එහිදී එක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (05) ද, අනෙක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන උර තොගය, බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here