දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට ඊයේ (07) පස්වරුවේ නාවික හමුදා භාරයට ගත් බහුධින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී හෙරොයිනි කිලෝ 103ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 01කට ආසන්න ප්‍රමාණයක්ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසයි.
අදාළ ධීවර යාත්‍රාව සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණ සිදුකළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය ඇමති විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර,
“දැනට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තහවුරු කළා මුළු කිලෝ ග්‍රෑම් ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 103කුත්, කොකේන් කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයකුත් තියෙන බව. එහි වටිනාකමම වෙනවා රුපියල් බිලියන 02.08ක්. මේක මහා විශාල ප්‍රමාණයක්. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් සැකකරුවන් 06ක් සැකපිට අරන් තියෙනවා. මේ කටයුතුවලට සම්බන්ධ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා.”
1
Saru News
















