රෂිකා හෙන්නායක මාර්තු 12, කොළඹ LNW :
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී රුපියල් බිලියන 10ක් පමණ වටිනා දැවැන්ත මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 600කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 10 දෙනෙකු සහ බහුදින ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගැනුණි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ටී-56, එම්-16 සහ පිස්තෝල වැනි විවිධ ගිනිඅවි මෙන්ම චන්ද්‍රිකා දුරකථන ද තිබූ බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
අදාළ ධීවර යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 10දෙනෙකු ද නාවික හමුදා අත්අඩංගුවට ගැනුණු බවද වාර්තා වේ.
දේශීය හා විදේශීය බුද්ධි තොරතුරු මත පදනම්ව දින ගණනාවක් තිස්සේ සැලසුම් සහගතව දියත් කළ මෙම මෙහෙයුම, වසරේ මෙතෙක් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ලෙස සැලකේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ මෙම නීතිවිරෝධී ජාවාරම පිටුපස ඇති බරපතල අරමුණු පිළිබඳව මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බවයි.


The post දකුණු මුහුදෙන් මතු වූ බිලියන 10ක මත්ද්‍රව්‍ය හා අවි! appeared first on LNW Sinhala.
Saru News
















