දකුණු පළාතට Govpay හරහා මුදල් ගෙවීමේ පහසුකම

0
6

දකුණු පළාතේ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවා සඳහා Govpay යෙදවුම හරහා ජනතාවට මුදල් ගෙවිමේ පහසුකම හඳුන්වාදී ඇත.

ඒ අනුව දැන් මාතර, ගාල්ල, හම්බන්තොට යන දිස්ත්‍රික් ලේකම් කාර්යාල තුන ඇතුළු එම දිස්ත්‍රික්ක තුනෙහි ප්‍රාදේශිය ලේකම් කාර්යාල 50 ක සේවා සඳහා මෙම යෙදවුම හරහා මුදල් ගෙවිමේ හැකියා⁣ව ඇති බවයි සඳහන් වේ.

මාතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 ක් ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාල 22 ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 12 ක් Govpay යෙදවුම මඟින් ආවරණය වන බවයි වැඩිදුරටත් සඳහන්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here