දකුණු ආසි­යාවේ හොඳම එක වන ශ්‍රීලංකන්හි ගුවන්ගමන් ප්‍රමාදයේ පිරිවැය ඩොලර් මිලියන හතර පනියි

0
2

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2024/2025 මූල්‍ය වර්ෂයේදී ගුවන් ගමන් ප්‍රමාදයන් හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 4.16ක පිරිවැයක් දැරීමට සිදුවී බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවකින් අනාවරණය කර ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

එය පෙර වසරට වඩා සියයට 44ක වැඩිවීමක් බවද පැවසේ.

පසුගිය වසර හතරේදී ගුවන් ගමන් ප්‍රමාදවීමේ ඉහළ යෑමේ තත්ත්වයක් දක්නට ඇති බව ද විගණන වාර්තාවේ ඇතැයි වාර්තා වේ.

මෙකී මූල්‍ය වර්ෂයේ දී නියමිතව තිබූ ගුවන් ගමන් 46,518න් ක්‍රියාත්මක වී ඇත්තේ ගුවන් ගමන් 23,055කි.

ඉන් සියයට 29ක් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

තාක්ෂණික දෝෂ, කාර්යමණ්ඩල හ`ිගය, දුර්වල නඩත්තු සැලසුම්, ගුවන් ගමන් ප්‍රමාදයන් සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

එමෙන්ම ගෝලීය සැපයුම් දාම ගැටලු, කුරුලු ගැටීම් වැනි අනපේක්ෂිත සිදුවීම් ද මේ සඳහා හේතුවී තිබුණි. ගුවන් යානා ඇණි සීමාවන්ද ගුවන් ගමන් බාධාවන්ට හේතුවක් වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගම විගණනයට සඳහන් කර ඇත.

කෙසේවුවද, ගිය වසරේ ‘දකුණු ආසි­යාව සඳහා හොඳම ගුවන් සේවය’  ඉන්දි­යාවේ නව­දිල්ලි නුවර පැවති අන්ත­ර්ජා­තික සංචා­රක සමු­ළුව සහ සංචා­රක සම්මාන උලෙ­ළේදී සම්මාන ලැබීම ද විශේෂිතය.

මූලාශ්‍රය – ඉරිදා දිවයින

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here