දකුණු අප්‍රිකාවට එරෙහි එකම විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලැබීමට සත්කාරක නැමීබියා කණ්ඩායම අද (11) සමත් විය.
නැමීබියාවේ වින්ඩ්හෝක් හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී ලකුණු 134ක් රැස් කළේය.
ඒ අනුව ලකුණු 135ක ඉලක්කයක් හඹාගිය නැමීබියාව තරගයේ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී එම ඉලක්කය පසුකර ගියේය.
ඔවුන්ට අවසන් පන්දුවාරයේ දී ලකුණු 11ක ඉලක්කයක් ඉතිරිව තිබූ අතර, එය හයේ පහරක් හා හතරේ පහරක් සහිතව සම්පූර්ණ කරගැනීමට ඔවුන් සමත් විය.
දකුණු අප්‍රිකාව හා නැමීබියාව අසල්වැසි රටවල් 2ක් වුවද, ඔවුනොවුන් ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයකදී හමුවූ පළමු අවස්ථාව මෙය වේ.
මේ අතර ICC පූර්ණ සාමාජික රටක්වන දකුණු අප්‍රිකාව, අර්ධ සමාජික රටක් හමුවේ ජාත්‍යන්තර විස්සයි20 තරගයක් පරාජය වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.
එමෙන්ම අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකාවෙන් පසු ජාත්‍යන්තර විස්සයි20 තරගවලදී නැමීබියාව හමුවේ පරාජය වූ සිව්වන පූර්ණ සාමාජික රට බවට ද දකුණු අප්‍රිකාව පත්විය.
Saru FM Media