දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයට පහසු ජයක්

0
3

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15) සමත් විය.

මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස පාකිස්තානය පෙරමුණ ගත්තේය.

ලාහෝර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පළමු ඉනිමට ලකුණු 378/10ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිමට ලකුණු 269/10ක් රැස්කළේය.

ලකුණු 109ක් ඉදිරියෙන් දෙවන ඉනිම ඇරඹීමට පාකිස්තානයට හැකිවුවත්, ඔවුන්ගේ දෙවන ඉනිම ලකුණු 167/10කට සීමාවිය.

ඒ අනුව දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 277ක ඉලක්කයක් හිමිවුවත්, ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 183/10ක් පමණි.

මෙහිදී පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට නොමාන් අලි සමත් වූ අතර, ඔහු සමස්ත තරගයේදී (6/112, 4/79) කඩුලු 10ක් බිඳදැමීමට සමත් විය.

ඒ හේතුවෙන් ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන දිනාත්තේය.

මෙම තරගය ICC ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැති අතර, ඒ යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩාකළ පළමු තරගය මෙය විය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here