නශ්රා සන්දුගේ අති විශිෂ්ට පන්දු යැවීමත්, සිද්රා අමීන් සහ මුනීබා අලී ගේ ඉවසිලිවන්ත පිතිහරඹයත් හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසාන තරගයෙන් කඩුලු 6ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය. කෙසේ වුවද තරගාවලියේ පළමු තරග දෙකම දකුණු අප්‍රිකානු කණ්ඩායම ජය ගැනීම හේතුවෙන් තරගාවලි ජය 1-2ක් ලෙස දකුණු අප්‍රිකානුවන්ට හිමිවිය. පෙරේදා (22දා) ලාහෝර් හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 25යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 115ක් පමණි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 31ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 117ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වූයේය. දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ලෝරා වොල්වර්ඩ්ට් ලකුණු 28ක්, නදිනි ඩි ක්ලේර්ක් ලකුණු 13ක් සහ කරබෝ මිසෝ ලකුණු 12ක් ලැබීය. පන්දු යැවීමේදී නශ්රා සන්දු ලකුණු 26කට කඩුලු 6ක් බිඳහෙළීය. පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී සිද්රා අමීන් නොදැවී ලකුණු 50ක් සහ මුනීබා අලී ලකුණු 44ක් ලැබීය. පන්දු යැවීමේදී නදිනි ඩි ක්ලේර්ක් ලකුණු 19කට කඩුලු 2ක් බිඳහෙලීය.
තරගයේ වීරවරිය ලෙස නශ්රා සන්දු සම්මාන ලැබූ අතර, තරගාවලියේ වීරවරිය ලෙස තෂ්මින් බ්‍රීට්ස් සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්
Saru FM Media