තොරතුරු රහිත ආලේපන තොගයක් පිටකොටුවේ ගබඩාවක

0
3

තොරතුරු රහිත අලේපන තොගයක් ලද තොරතුරක් මත පිටකොටුවේදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යාංශය විසින් ලබා දුන් තොරතුරකට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (09) දිනයේදී කොළඹ පිටකොටුව ප්‍රධාන වීදියේ පිහිටි ගබඩාවක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැටලීම සිදුකර තිබුණි.

එහිදී රුපියල් මිලියන 10කට ආසන්න අනුමාන වෙළෙඳපොළ වටිනාකමකින් යුත් විදේශ රටවල්වලින් ආනයනය කරන ලද ඇඟ ගල්වන ක්‍රීම් සහ ලෝෂන් තොගයක් නිලධාරීන් භාරයට ගැනීමටද කටයුතු කර ඇත.

අදාළ නිෂ්පාදනවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ තොරතුරු ඇතුළු නීතියෙන් අනිවාර්ය කර ඇති කිසිදු මූලික තොරතුරක් සඳහන් කර නොතිබීම මෙහි ඇති බරපතළම නීති විරෝධී තත්ත්වය බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම භාණ්ඩ තොගය සිල්ලර වෙළෙඳපොළ හරහා පරිභෝගිකයා අතට පත්වීමට පෙරම ගබඩාව තුළදීම නිලධාරීන් භාරයට ගැනීමටද එම අධිකාරිය කටයුතු කර ඇත.

පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ මේ වන විටත් වෙළෙඳ නාම 13කට අයත් ආලේපන සාම්පල ලබාගෙන ඇති බවත් එම සාම්පල වැඩිදුර රසායනාගාර පරීක්ෂණ සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමු කරමින් පවතින බවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here