මාර්තු 31 වෙනිදා වනවිට QR ක්‍රමවේදය යටතේ පොහොර ලබාගැනීම සඳහා ගොවීන් 226,511 දෙනෙකු ලියාපදිංචිවී ඇති තිබේ.
ඒ අනුව මාර්තු මස 31 වෙනිදා වනවිට කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවීන් 187,759 දෙනෙකු සඳහා සහනාධාර පොහොර මෙට්‍රික් ටොන් 21,117.7ක් ලබාදී ඇත.
රජය විසින් ක්‍රිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් සඳහා රුපියල් 4000ක සහ කිලෝග්‍රෑම් 25ක පොහොර මිටියක් සඳහා රුපියල් 2000ක මූල්‍ය සහනාධාරයක් ලබා දෙයි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මේ වනවිට කිලෝග්‍රෑම් 50ක මිටි 334,256ක් සහ කිලෝග්‍රෑම් 25 මිටි 176,199ක් ගොවීන්ට ලබාදී ඇති බවය.
2024/25 සම්පූර්ණ වර්ෂයේදීම සහනාධාර පොහොර ලබාගෙන තිබුණේ ගොවීන් 84,472 දෙනෙකුට පමණය.
නව ක්‍රමවේදය යටතේ මාස හයක් තුළ ගොවීන් 187,759 දෙනෙකු සඳහා පොහොර ලබාදී ඇති අතර මෙය පෙර වසරට සාපේක්ෂව සියයට 122.3ක වර්ධනයකි.
එම කාලයේදී පොහොර මෙට්‍රික් ටොන් 13,015.50ක් නිකුත් කර තිබුණ ද නව QR ක්‍රමවේදය යටතේ මාර්තු මස අවසන් වනවිට මෙට්‍රික් ටොන් 21,117.7ක ප්‍රමාණයක් බෙදාහැර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව පොහොර නිකුත් කිරීමේ ප්‍රගතිය සියයට 62.2කින් ඉහළ ගොස් තිබේ.
වර්තමානයේ පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් කුඩා තේ වතු හිමියන් සඳහා විශේෂ පොහොර සහනාධාරයක් ලබාදීමට ද රජය තීරණය කර ඇති බව අදාළ නිවේදනයෙහි දැක්වේ.
ඒ අනුව පවතින සහනාධාරයට අමතරව, මේ වසර තුළ එක් වතාවක් පමණක් ලබාදීම සඳහා කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියකට රුපියල් 5000ක් අමතර සහනාධාරයක් භාණ්ඩාගාරය මඟින් වෙන් කර තිබේ.
නව රුපියල් 5000ක සහනාධාරය ද QR ක්‍රමවේදය යටතේම වසර අවසානයට පෙර කුඩා තේ වතු හිමියන් වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කරයි.
2030 වසර වනවිට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල හඳුන්වාදී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
Saru News















