තෙවන දිනටත් සිරි දළදා වන්දනා මංගල්‍යය ඇරඹේ

0
9


ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ සිරි දළදා වන්දනාව” අද තෙවන දිනටත් පැවැත්වෙනවා. 

ඒ අනුව අද දිනයේදීත් දහවල් 12 සිට පස්වරු 05යි 30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා. 

ඊයේ දිනයේදී ලක්ෂයකට අධික සැදැහැවතුන් පිරිසක් දළදා සමිඳුන් වැඳපුදා ගත් බව පොලීසිය පැවසුවා. අද දිනයේත් දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් මේ වන විටත් දිගු පෝළිම්වල රැඳී සිටින බවයි වාර්තා වන්නේ. 

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.  

Neth Sound · COR KAMAL 12



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here