ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW: මැදපෙරදිග පවතින යුද ගැටුම් තවදුරටත් සමනය නොවුණු පසුබිමක එහි පාර්ශවකරුවන්ට පමණක් නොව සමස්ත ලෝකයටම එහි බලපෑම එල්ල වී තිබේ.
රාජ්‍යයන්හි ආර්ථික හැසිරීම මෙම යුදමය තත්ත්වය මත වෙනස්කම්වලට මුහුණ දීමට සිදුව තිබෙන අතර ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම හමුවේ සෙසු නිෂ්පාදනයන්ගේ මිල ඉහළ යාම නිතැතින්ම සිදුවෙයි.
ඒ අනුව මෙරට ආර්ථිකය මුහුණදය මෙම අර්බුදයට මුහුණ දී සිටින අතර එය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා කරුණු දක්වා සිටියි.
පවතින තත්ත්වය මත කළ හැකි හොඳම දෙය වන්නේ ලෝක වෙළෙඳපොළේ හැසිරීම අනුව භාණ්ඩ මිල ඉහළ පහළ යාමට අවස්ථාව ලබා දීම බව ඔහු සඳහන් කරයි.
”දැනට පවතින මැදපෙර දිග යුද වතාවරණයත් එක්ක බලශක්තියට තමයි වැඩිපුරම අවදානමක් ලක්වෙලා තිබෙන්නේ. එහි බලපෑම ලංකාවේ පාරිභෝගික ජනතාවට දරා ගැනීමට සිදුවෙලා තියෙනවා. මේකට ක්‍රම දෙකක් තියෙනවා ලෝක මිලත් එක්ක මිල ඉහළ පහළ යාමට අවස්ථාව ලබාදීම.ගෑස් වල මිල ඩීසල් පෙට්‍රල් මිල දැනට ලෝක වෙළඳපොලේ පවතින තත්ත්වයක් අනුව ඉහළ පහළ යන්න ඉඩ දෙන්න පුළුවන්.එහෙමද නැත්නම් දැනට රජයේ ප්‍රාථමික අතිරික්තය හරහා ඉතුරු වෙලා තියෙන රුපියල් බිලියන 900 ක් විතර එයින් යම්කිසි සහනාධාරයක් ලබා දෙන්න පුළුවන්.
මේ පිළිතුරු දෙකෙන් මොකක් තෝරගත්තත් එහි බලපෑම ජනතාවට එනවා. අනික් එක තමයි රජය යම්කිසි මුදලක් බලශක්තිය සඳහා ලබාදීම. දැනටමත් කියල තියෙනවා රුපියල් 100 ඩීසල්වලට සහ 20ක් පෙට්‍රල් වලට ලබාදෙනවා කියලා. වෙනදා පෙට්‍රල් මිලට වඩා වැඩිවන අවස්ථාවලදී ප්‍රාථමික අථිරිත්තිය වියදම් කලාට පස්සේ ඒකෙන් බලපෑමක් එනවා.
හොඳම වැඩේ මිල ඉහළ පහළ යාමට අවස්ථාව ලබාදීම. අස්වැසුම වැනි ප්‍රතිලාභ ලබන පිරිසට සහන ලබා දෙන්න යන වියදම අඩුයි සමස්ත තෙල්වලටම ලබා දෙන්න යන වියදමට වඩා. එහෙම වුණොත් ඒ මුදල වැඩි වශයෙන් යන්නේ ඇති හැකි අයට බලශක්ති පරිභෝජනය වැඩිපුරම සිදු කරන්නේ දරාගැනීමට හැකි පිරිසක් ඒක තමයි ආර්ථික විද්‍යාව කියන්නේ.
මේ පිළිතුරු දෙකෙන් කුමක් හෝ පිළිතුරක් රජය තෝරාගනියි. මොකක් තෝරා ගත්තත් ධන හෝ සෘණ ලෙස ඒවාට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ලෝක වෙළඳපොලේ ඇතිවී තිබෙන තත්ත්වයක් තමයි මේ සියලු දේවල්වලට අපට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. මේ යුද්ධය කවදා ඉවර වෙයිද කියලා අපට කියන්න බැහැ. ඉතුරු දවස් වලට කුමක් කුමක් වෙයිද කියලා අපට ප්‍රශ්නයක්.ආහාරවල පොහොරවල මේ මිල ඉහළ යන්න පුළුවන්.”
මෙම තත්ත්වය මත ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ හැකියාවද පවතියි. එය සමස්ත ලෝකයටම බලපාන්නක් බවයි ධනනාත් ප්‍රනාන්දු මහතා පවසන්නේ.
මෙය පාලනය කළ හැක්කේ රජයක් අනවශ්‍ය ලෙස සහනාධාර දීමෙන් නොව පරිභෝජනය සීමා කිරීම හරහා බව ඔහු පෙන්වා දෙයි.

The post තෙල් සහ ගෑස් මිල එන්න එන්න ඉහළ යද්දී අපිට මොකද වෙන්නේ? appeared first on LNW Sinhala.
Saru News
















