තෙල් මිල රුපියල් 39කින් අඩු කළ ආණ්ඩුවක් !

0
2


වත්මන් ජනාධිපති, අනුර කුමාර දිසානායක එම ධුරයට පත් වන අවස්ථාවේ පැවැති ඉන්ධන මිල අවස්ථා හතරක දී සංශෝධනය කිරීම මඟින් විශාල වශයෙන් පහත හෙළනු ලැබ තිබේ.
මෙයට පෙර අවසන් වරට 2025 මාර්තු 31 වැනි දින ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබී ය. ජනාධිපතිවරයා බලයට පත් වන අවස්ථාවේ ‘ඔක්ටේන් 92’ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332ක් වූ අතර, සැප්තැම්බර් 30 වැනි දින එක් වර ම රුපියල් 21කින් අඩු කෙරිණ. ඉන් පසු ඊයේ මිල අඩු කිරීම දක්වා එම ඉන්ධන ලීටරයක මිල රුපියල් 39කින් අඩු කර තිබේ.
එමෙන්ම ජනාධිපති බලයට පත් වනවිට රුපියල් 307ක්ව පැවැති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඉන් පසුව අවස්ථා කිහිපයක දී රුපියල් 33කින් අඩු කර තිබේ. ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 352 සිට මේ වනවිට රුපියල් 325 දක්වා රුපියල් 27කින් අඩු කර තිබේ. භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 සිට රුපියල් 178 දක්වා රුපියල් 24කින් පහත හෙළා තිබේ. ඊට අමතරව ‘ඔක්ටේන් 95’ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377 සිට රුපියල් 341 දක්වා රුපියල් 26කින් අඩු කර තිබේ.
පසුගිය ආණ්ඩු කාලවල දී රට බංකොළොත්භාවයට ඇදදැමීමෙන් පසුවද, මාස 06ක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් විශාල ප්‍රමාණයකින් ඉන්ධන මිල අඩු කිරීම නිසා පෞද්ගලික ප්‍රවාහණ කටයුතු සඳහා භාවිත කරන යතුරුපැදියේ සිට විවිධ ව්‍යාපාරික කටයුතුවලට සහ අපනයන ආර්ථිකයට දායක වන සියලු ම ප්‍රවාහණ වියදම් විශාල වශයෙන් අඩු කර ගැනීමට ඉන්ධන මිල පහත හෙළීමෙන් හැකි වී තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here