තෙදින නිල සංචාරයක් සඳහා ADB සභාපති දිවයිනට!

0
2

රෂිකා හෙන්නායක මාර්තු 17, කොළඹ LNW :

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසාටෝ කන්ඩා මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.

සිය සංචාරය ආරම්භ කරමින් ඔහු කොළඹ වරාය පාලක මැදිරිය නිරීක්ෂණය කරන අතර පෞද්ගලික අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

එසේම ස්වභාවික විපත්වලින් සිදු වූ හානි නිරීක්ෂණය කිරීමට සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය හමුවීමට ද සැලසුම් කර තිබේ.

මෙම සංචාරයේ වැදගත්ම අවස්ථාව වන්නේ ඔහු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවයි.

රටේ සංවර්ධන ක්‍රියාවලියට අදාළ මෙම වැදගත් කටයුතු නිමවා ඔහු පෙබරවාරි 25 වන දින දිවයිනෙන් පිටත්ව යනු ඇත.

මෙම කෙටි සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව දක්වන සහයෝගීතාව තවදුරටත් තහවුරු කරයි.

The post තෙදින නිල සංචාරයක් සඳහා ADB සභාපති දිවයිනට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here