රෂිකා හෙන්නායක මැයි 20, කොළඹ LNW :
තුසිත හල්ලොලුව මහතා සමග ජනාධිපති නීතීඥ නීති උපදේශන සේවාවකට සහභාගීවී නැවත පැමිණීමේදී නාරාහෙන්පිට වට රවුම අසලදී ගමන් කළ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ගමන් ගත් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතාගේ ජංගම දුරකථනය ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වාචිකව දැනුම් දී තිබෙන අතර, මේ සම්බන්ධයෙන් නීතීඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලිපියක් යොමු කර තිබෙන බව වාර්තා වේ.
එම ලිපියෙන් දක්වා ඇත්තේ තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තරද එම දුරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව එම තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමාගේ වගකීමක් බවයි .
තවද එකී තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වන සහ ඒ බව තමාහටත් සහතික වන පරිදි සහ තමා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත නඩුකරය විසින් නියම කරන මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට බැදී සිටින බව ඔහු සඳහන් කර ඇත.
එම ලිපිය පහතින් දක්වා ඇත.
Saru FM Media