පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තුන්දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටිනවා.
මෙම සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලිසිය පැවසුවේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.
Saru FM Media