Sunday, May 18, 2025
Saru FM Media
Home ගොසිප් පුවත් තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

0
2


thusitha-hallolu-shot-dead

පසුගිය දිනවල ජනපතිට එරෙහිව ග්‍රීක බැඳුම්කර සම්බන්ධව ප්‍රකාශයක් සිදුකිරීම නිසා පුවත් අතරට නම කියැවුණ  ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට තර්ජනාත්මක වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාරාහේන්පිට ප්‍රදේශයේදී වාර්තා වේ. 

අද(17) සෙනසුරාදා රාත්‍රී 8.30 ට පමණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඔහුගේ වාහනය හරස් කරමින් අහසට සහ මෝටර් රථයට වෙඩි තබා ඇති බව පොලිස් වාර්තා මගින් තහවුරු කර තිබේ.
මෙම සිද්ධිය නාරාහේන්පිට කින්ග්ස් රෝහල ආසන්නයේ දාබරේ මාවතේදී සිදුවී ඇති අතර, වෙඩි ප්‍රහාරයෙන් තුසිත හල්ලොලුවට කිසිදු හානියක් සිදුවී නොමැති බව ද, එහෙත් ඔහු සමඟ සිටි නීතිඥ දිනේෂ් දොඩංගොඩ තුවාල ලබා ඇති බව ද පොලිස් ප්‍රකාශක මාධ්‍ය වෙත සඳහන් කර ඇත. තවද, එම ප්‍රහාරය අතරතුර තුසිත හල්ලොලුව සතුව තිබූ ලිපිගොනුවක් ද ප්‍රහාරකයින් විසින් රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.


සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරකයින් හඳුනා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් සිදු කරමින් සිටින බව ද වාර්තා වේ.
 තුසිත හල්ලොලුව ජාතික ලොත.රැයි මණ්ඩලයේ වංචාවන් සම්බන්ධයෙන් පසුගිය කාලයේ මූල්‍ය අපරාධ පරීක්ෂණයකට මුහුණ දුන් අතර  ඔහු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් ‘ජනපති ග්‍රීක බැඳෞ වංචාවකට ‘ සම්බන්ධ බවට චෝදනා නැගුණි.
පසුව ඔහුගේ එම ප්‍රකාශයට එරෙහිව ජනාධිපති අනුර දිසානායක මහතාට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළා යැයි චෝදනාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් ද ඇරඹි අතර ඔහුට සාක්ෂි ලාබාදීමට කැඳවා තිබුණි.
අද දිනයේ සිද්ධිය වූ වහාම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් ප්‍රහාරයට ලක්වූ තුසිත හල්ලොලුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, ඔහුගේ මෝටර් රථයට ද සැලකිය යුතු හානි සිදුවී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය පිටුපස ඇති හේතු සාධක සම්බන්ධයෙන් විමර්ශන තවමත් සිදු කරමින් පවතියි.

gossiplanka image 2


gossiplanka image 3


gossiplanka image 4



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here