තුසිත හල්ලොලුවට වෙඩි තියයි! පහරදීමකුත් කරලා! I Sri Lanka Latest News

0
2


අද (17) රාත්‍රීයේ නාරාහේන්පිට දාබරේ මාවතේදී වෙඩි තැබීමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි. Sri Lanka Latest News

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා ගමන්ගත් මෝටර් රථය ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී තුසිත හල්ලොලුව මහතාගේ මෝටර් රථයේ රියදුරු සහ නීතිඥවරයා සිට ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව පොලීසිය පැවසීය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතාට කිසියම් පහරදීමක් සිදුකර ඇති අතර ඉන් තුවාල ලබා ඒ මහතා රෝහල් ගත කර ඇති බවය.

අද දෙරණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here