තුසිත හල්ලොලුවට දැඩි කොන්දේසි මත ඇප

0
9

සංවිධානාත්මක ලෙස තමා ගමන් ගත් රථයට වෙඩි තබා ගැනීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා දැඩි ඇප කොන්දේසි පනවා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ළහිරු පෙරේරා මහතා ඊයේ (18දා) නියෝග කළේය.

විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් පනවා විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවේ තැන්පත් කිරීමේ කොන්දේසියට යටත්ව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමට නියෝග කෙරිණි.

තමා ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබූ වටිනා ලිපිගොනුවක් පැහැරගත් බවට ඔහු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට එය එම සැකකරු විසින්ම සැලසුම් කළ වෙඩි තැබීමක් බවට අනාවරණය කරගැනීමට හැකිවී තිබිණි. අධිකරණයට කරුණු වාර්තා කළ වරෙන්තු නියෝගයක් අනුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී පසුගිය 19 වැනිදා අත්අඩංගුවට ගත් එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කොට තිබිණි.

ඒ.ජේ.ඒ. අබේනායක

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here