තුර්කියේ ජෙට් යානයක් කඩා වැටී නියමුවාට දිවි අහිමි වෙයි

0
2

අද (25) අලුයම බටහිර තුර්කියේ පුහුණු ගුවන් ගමනක් අතරතුර තුර්කි ගුවන් හමුදාවේ F-16 ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය ගොස් ඇති බව එරට බලධාරීන් මාධ්‍යට තහවුරු කර තිබේ.

යානය ගුවන්ගත වීමෙන් මඳ වේලාවකට පසු රේඩාර් සම්බන්ධතා ඉවත් වී ඇති අතර නිලධාරීන් විසින් වහාම සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් යොදවා ඇති බව සඳහන් වෙයි.

දේශීය වේලාවෙන් අලුයම 1ට පමණ මෙම යානය කඩා වැටී ඇති අතර යානය කඩා වැටීමෙන් පසු ගිනි ගැනීමකට ලක්ව ඇති බව වැඩිදුරටත් සඳහන් වෙයි.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here