තුන් වැදෑරුම් දෙමව්පියෝ….

0
10


දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ තිබෙන සෙනහස ආදරය සීමාවක් නැහැ. ඒ නිසාම දරුවන්ගේ ජීවිතයට දෙමව්පියන්ගේ අවධානය යොමු වෙන්නේ ඔවුන්ගේ අනාගතය ඉතාම යහපත් අන්දමින් සකස් කිරීමටියි. මේ නිසාම දරුවන්ගේ බාල කාලයේදී දෙමව්පියන් ක්‍රියා කරන ආකාරය එක් එක් අයට සාපේක්ෂව වෙනස්. සමාජ විද්‍යාඥයෙකු වන “බෝමිරින්ඩ්” විසින් දරුවන් මුල් කර ගෙන දෙමව්පියන්ගේ හැසිරීම තුන් ආකාරයකට පෙන්වා දෙනවා. ඉතින් ඔබ මේ තුන් ආකාරයෙන් අයත් වෙන්නේ කුමන කාණ්ඩයටද කියල ඔබටම තක්සේරු කරන්න පුලුවනි.

මේ කාණ්ඩයේ දෙමව්පියන් තමන්ගේ දරුවන්ට ඉතාම ලිහිල් විදිහට කටයුතු කරනවා. දරුවන්ගේ පෙරැත්තය ඉදිරියේදී ඔවුන්ට අවශ්‍ය විදිහට දෙමව්පියන් නම්මවා ගැනීමට පුලුවනි. මේ වගේ දෙමව්පියන් මුල් කර ගෙන බොහෝ දෙනෙක් මේ විදිහට කියනවා ඔබටත් ඇහිල ඇති “අම්මා තාත්තාගේ බුරුල නිසා තමයි ඔහොම වුනේ…”

මේ විදිහට දරුවන් හදා වඩා ගැනීම නිසා ඇති වෙන ආදීනවත් ඉහත සමාජ විද්‍යාඥයා විසින්ම පෙන්වා දෙනවා.

අම්මා තාත්තා තමාට අවශ්‍ය විදිහට හසුරුවා ගන්න පුලුවන් බව ඔවුන් හොදින්ම දන්නවා. ඒ නිසා මේ දරුවන් ඉතාම හිතුවක්කාර විදිහට කටයුතු කරනවා. ඊට හේතුව ඔවුන්ගේ ගති පැවැතුම් පාලනයට කිසිම කෙනෙක් නැති බව දන්නවා.

ඒ වගේම තමන්ට අවශ්‍ය දේ කිරීමට අපොහොසත් වූ විට ඉක්මනින්ම කෝප වෙනවා. වෙන දෙයක් තබා තමාව පාලනය කර ගැනීමටත් බැරි තරමට මේ කෝපය දරුණුයි. තමා ගැනවත් විශ්වාසයක් නැති නිසා අනාගත අරමුණු ඉලක්ක ඇති කර ගැනීමක් නැහැ.

සමහර දෙමව්පියන් ඉතාම දැඩි විදිහට දරුවන් පාලනය කරනවා. “දරුවෝ වුනාම අපිට ඕන විදිහට ඉන්න ඕන…” මේ දෙමව්පියන්ගේ එකම පිලිගැනීම එයයි. ඒ නිසා දරුවන්ගේ ළමා කාලය පවා මේ කාණ්ඩයේ දෙමව්පියන් විසින් නොදැනීම උදුරා ගන්නවා. දරුවන් සහ දෙමව්පියන් අතර ලොකු පරතරයක් ගොඩ නගා ගෙන අපේ වචනයෙන් එහාට හා.. හ්ම් බැහැ යන ස්ථාවරයේ සිටිනවා. දරුවන් සමග කිසිම මිත්‍රහීශීලීත්වයක් නැහැ.

මේ දරුවන්ගේ අනාගතය : 

තමන්ගේ බාල කාලයේ ලද දැඩි පීඩනය ඔවුන්ගේ හිතේ තැන්පත් වෙනවා. මේ නිසා තමන්ගේ දෙමව්පියන් සමග ඇති වෙන්නේ තරහක්. නිතරම ඉන්නේ අසතුටෙන්. ඊට හේතුව ඔවුන්ගේ සමනළ ළමා ලෝකය ගෙවුනේ තද නීති රීති මැද  නිසා මානසිකව කිසිම සතුටක් ඇති වුනේ නැහැ. සමාජයේදීත් නිතරම ගැටුම් ඇති කර ගැනීම මේ දරුවන්ගේ පසුකාලීන ස්වභාවයයි. කිසිම කෙනෙක් සමග මිත්‍රශීලී නොවන මේ පිරිස චණ්ඩ ලෙස හැසිරීමට පටන් ගන්නවා.

මේ කාණ්ඩයට අයත් දෙමව්පියන් වැරැද්දට දඬුවම් කිරීමට වගේම හොඳ දෙය අගය කිරීම මගින් දරුවන් සමග ඉතා හොඳ අන්තර් සම්බනධතාවයක් ගොඩ නගා ගැනීමට සමත් පිරිසක්. ඔවුන් දරුවන් ගැන හිතන්නේ දරුවන් විදිහටයි. ඒ නිසා දඬුවමක් ලබා දුන්නත් දරුවාට දරන්න පුලුවන් මට්ටමකින් මිස දැඩි සේ දරුණු දඬුවම් පනවන්නේ නැහැ.

ඒ වගේම කිරීමට අපහසු දෙයකදී වුනත් දරුවන්ගෙනුත්  විමසා ඒ ගැන දෙපැත්තෙන්ම අදහස් හුවමාරු කර ගෙන නොකරන්න බැරි හේතු කරුණු පහදා දෙනවා. දරුවන්ගේ කැමැත්ත තුළ වුනත් කරන්න පුලුවන් නිවරැදි දෙයට පමණක් අවසර ලබා දෙනවා. කරන්න අපහසු දෙය වෙනුවෙන් විකල්ප ලබා දෙනවා.

ඉතින් මේ දරුවනුත් අනාගතයේදී මේ විදිහට හැසිරෙනවා…

තමන්ගේ බාල කාලය ඉතාම සතුටින්  ගෙවුන නිසා ඔවුන්ගේ ළමා කාලය වගේම ජීවිතයම ප්‍රිතියෙන් සහ සැහැල්ලුවෙන් ගෙවෙනවා. අම්මා තාත්තා සමග පවතින ඉතාම සමීප සම්බන්ධතාවය නිසා හැම රහසක්ම අම්මා තාත්තාට කියනවා. ඒ නිසාම නොමග යෑම් වලට ඇති අවස්ථාව අඩුයි. පවුලේ වගකීම් වුනත් දෙමව්පියන් සමග බෙදා ගැනීමට සූදානමින් සිටිනවා. සමාජය සමග වුනත් මිත්‍රශීලීව හැසිරෙන අතර ගැටුම් බොහෝ දුරට අඩුයි.

තමා ගැන ඇති වෙන විශ්වාසය නිසා අනාගත ඉලක්ක සහ අරමුණු මේ දරුවන්ගේ ජීවිතයේ ගොඩ නගා ගන්නවා. ඒ ඉලක්ක මුල් කර ගෙන ජීවිතය හසුරුවා ගන්නා අතර මේ වෙනුවෙන් ඇති අභියෝගවලදී පවා මේ දරුවන් ශක්තිමත්.

දැන් ඔන්න තුන්වැදෑරුම් ආකාරයක දෙමව්පියන් ඔබ දැනගත්තා නේ.

ඉතින් ඒ වගේ නිවසක ඇති දැඩි වෙන දරුවන් අනාගතයේ දක්වන ප්‍රතිචාර ගැනත් වැටහීමක් ලැබුන නිසා ඔබ අයිති කාණ්ඩය ගැන ස්වයං විනිශ්චයක් ලබා ගන්න. ඒ වගේම ඔබ වැරැදි තැනක සිටිනවා නම් එතැනින් මිදී දරුවන්ගේ ලෝකය ආලෝකමත්  කිරීමට හැකි පරිදි දරුවන්ට අද කටයුතු කරන්න. එවිට දරුවන්ගේ හෙට දවස ඔවුන් ජයගන්නා අතර ලෝකයට වටිනා පුද්ගලයන් තිලින කිරීමේ ආඩම්බර අම්මා තාත්තා ලෙසින් ඔබටත් ලැබෙන සැනසිල්ල සුලු පටු නැති බව අමුතුවෙන් කියන්නත් අවශයිද නේද…? අපිට දරුවන් තරම් සමපතක් නැති නිසා අද දවස ඔවුන්ගේ ලෝකයට ලැබෙන ආදරය සහ සෙනෙහස තුළ ඔවුන් අනාගතය දිනා ගනු ඇති.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here